Colombo Today Local News

වියදම් සහ ණය ගැනීම් නීත්‍යානුකූලදැයි සොයා බලන්න. සමගි ජන බලවේගය විගණකාධිපතිගෙන් ඉල්ලයි

වියදම් සහ ණය ගැනීම් සදහා වන පාර්ලිමේන්තුවේ අවසරය ඉකුත් අප්‍රේල් 30 දිනෙන් කල් ඉකුත් වී ඇති බැවින් දැනට සිදුවන රාජ්‍ය වියදම් දැරීම් සහ ණයට ගැනීම් නීත්‍යානුකූලද යන්න සොයාබලන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ සාමාජික හිටපු මන්ත‍්‍රීවරුන් පිරිසක් විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික‍්‍රමරත්න මහතා වෙත ලිපියක් භාර දී තිබෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන කුමාර වෙල්ගම, ආචාර්ය හර්ෂ ද සිල්වා, එස්.එම්.මරික්කාර්, සුජිත් සංජය පෙරේරා, චන්දිම ගමගේ, නිරෝෂන් පෙරේරා යන මහත්වරුන් මෙම ලිපියට අත්සන් තබා තිබෙනවා.

Related posts

දියර පොහොර භාවිතයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ උපදෙස් පිළිපදින්න

colombotoday

දඹුල්ල නගර සභාවෙන් බලු බද්දක් – සියලු බදු මුදල් වැඩි කිරීමට යෝජනාවක්

colombotoday

මන්ත‍්‍රීවරයකු මිලියන 100 සිට මිලියන 500 දක්වා මිල නියම වුණා…. මැතිසබය රැස් කළානම් මරා ගන්නවා – ජනපති ජාතිය අමතයි

colombotoday

හමුදාවේ එහෙම කණඩායම් සිටියානම් මුලින්ම අත්අඩංගුවට ගත යුත්තේ ෆොන්සේකාවයි

colombotoday

ජනපති, ආරක්‍ෂක ලේකම් ඇතුළු හමුදා නිලධාරීන් පිරිසකට එරෙහිව ජගත් අධිකරණයට පැමිණිල්ලක් – ස්කොට්ලන්ත පුවත්පතක් කියයි

colombotoday

පොලිස් බලතල අත්හැර බලය බෙදීමට කටයුතු කරනවා – රනිල් වික්‍රමසිංහ

Admin