Colombo Today Local News

විදෙස්ගත ශ්‍රී ලාංකීකයින් ගෙන ඒම ලබන සත‍ියේ සිට

මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් විදේශ රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම ලබන සතියේ සිට ආරම්භ කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා එකඟතාව පළ කළ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙනිය මහතා පැවැසීය.

එහි දී කොරියාවේ හා මැද පෙරදිග රැඳී සිටින පිරිස් පළමුවෙන් ගෙන්වා ගැනීමට බලා‍පොරොත්තු වන බව ද රන්දෙනිය මහතා පැවැසීය.

විශේෂයෙන් කොරියාවේ රැකියා සඳහා යාමට පිරිසක් සිටින බැවින් එහි සිටින පිරිස් ගෙන්වා ගැනීම ඉක්මන් කළ යුතුව ඇතැයි ද ඔහු කියා සිටියේය.

එමෙන්ම මැදපෙරදිග රටවල රැකියා අහිමිව සිටින අය ද ඉක්මණින් ගෙන්වා ගත යුතු බව කී කාර්යංශ මාධ්‍ය ප්‍රකාශකවරයා වඩාත් ප්‍රමුඛතාව දිය යුතු පිරිස්වලට ප්‍රමුඛතාව දෙමින් ඔවුන් ගෙන්වා ගන්නා බවද කීය.

මේ වනවිට කොවිඩ් වෛරසය පැතිර යාම හේතුවෙන් රැකියා අහිමි වූ පිරිස් මෙන්ම ගිවිසුම් ගත රැකියා කාලය ඉක්ම යාම හේතුවෙන් මව්රටට පැමිණීමට බලාප‍ොරොත්තුවෙන් සිටින පිරිස් ද එහි ඇති බවත් යම් යම් අසනීප තත්ත්වයන් ඇති අය මෙනම තව දුරටත් රැඳී සිටීමෙන් දඩ මුදල්වලට යටත් වීමට ඉඩ ඇති අය ද ඉක්මණින් ගෙන්වා ගත යුතු යැයි ද හෙතෙම සදහන් කළේය.

Related posts

ආගමික වැඩසටහනකට ඤාණසාර හිමි කොරියාවට වැඩම කරයි

colombotoday

කෝටි දෙලක්ෂයක රන් එක්ක කතක් කටුනායකින් පනිද්දී මාට්ටු

Admin

මහා වංශ පුස්කොළ පොත් එකතුව ලෝක උරුම ලැයිස්තුවට

colombotoday

බඹරු ඇන ග්‍රේස්වෙස්ටන් වතු කම්කරුවෝ 8ක් රෝහලේ

colombotoday

පස් යට සැඟවුණු නිවැසියන්ගේ සිරුරු වැළලූණු තැනම නිසොල්මන්ව සිටි සුනඛයා

colombotoday

කෙසෙල්වත්තේ වෙඩි තැබීමක්

colombotoday