Colombo Today Local News

විජයදාසට – රතන හිමිට එජාපයෙන් විනය පරීක්ෂණයක්

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජයදාස රාජපක්ෂ මහතාට සහ අතුරලියේ රතන හිමියන්ට විනය පරීක්ෂණ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පැවැසීය.

පක්ෂයේ විනය කඩ කිරීම යන චෝදනාව යටතේ මොවුනට විනය පරීක්ෂණ පවත්වන බව කී නිශ්ශංක නානායක්කාර මහතා හෙට (30) සිට අදාළ විනය පරීක්ෂණ ආරම්භ වන බවද සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් මහරගම ආසනයට තරඟ කර තේරීපත්වූ අතර අතුරලියේ රතන හිමි එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්විය.

Related posts

දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය : අධිකරණය රස පරීක්ෂක වාර්තා කැඳවයි

Admin

ඩුබායි ඉන්න ගෝලයෝ 6 ක් ලංකාවට එවන්න මධුෂ් ප්ලෑනක්‌ ගහයි. පවුලේ අයටත් කෝල් කරලා

colombotoday

සාපරාධී අපහාසයක්, සශී වීරවංශගෙන් රන්ජන්ට නඩු…

colombotoday

ගුරුවරුන්ට දෙවැනි එන්නත් මාත්‍රා දුන් වහාම පාසල් අරිනවා

colombotoday

තේ කෝප්පයේ මිලත් නගී.. කිරි කෝප්පය 40 පනී !

colombotoday

භයානක ඉන්දීය වයිරස ප්‍රභේදය මෙරටින් හමුවෙයි.

colombotoday