Colombo Today Local News

වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයේ රෝගීන්ට හිසේ තෙල් ගාන්න ගිය පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

වැලිකන්ද කොවිඩ් 19 විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඊයේ (06 වැනිදා) උදෑසන 09.30 ට පමණ අනවසරයෙන් ඇතුළු වී එහි ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ගේ හිසෙහි යම් තෙල් වර්ගයක් ආලේපණය කිරීමට උත්සාහ ගත් පොලිස් කොස්තාපල්වරයකු එම රෝහලේ වෛද්‍යවරු මැදිහත් වීමෙන් අල්ලා වැලිකන්ද පොලිසියට භාර දී ඇති බව කියයි.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා පස්සර පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරන අතර ඔහු 05 වැනිදා රාත්‍රි සේවා මුරය අවසන් කර වැලිකන්ද ප්‍රදේශයට යතුරු පැදියකින් පැමිණ ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට පත්ව සිටින පොලිස් කොස්තාපල්වරයා යුද හමුදාවේ මැදිහත්වීමෙන් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

Related posts

දිවයින පුරා කුඩා වැව් 10,000ක් සිඳී යයි – වැව්වල ළිං හාරන්න අවසර

Admin

සජිත් – ඩලස් නිදහස් සැමරුම් උත්සවයට සහභාගි නොවන බව දන්වයි..

Admin

බණ්ඩාරනායක මාවතේ 1010 ක් නිරෝධායනයට

colombotoday

නව අගමැති දිනේෂ් ගුණවර්ධන දිවුරයි

colombotoday

ශුක්‍රාණු ආනයන බලපත්‍ර ඉවත් කෙරේ

colombotoday

රාජ්‍ය අනුග්‍රහයෙන් වහබ් සමුළුවක් 30 වනදා නෙලුම්පොකුනේදී

colombotoday