Colombo Today Local NewsCovid 19

වන්දනා ගමන්-ආගමික උත්සව නවත්වන්නැයි උපදෙස් !

සියලු වන්දනාගමන් නවතා දමන ලෙසත් ජනතාව සහභාගී වන ආගමික උත්සව  අවලංගු කරන ලෙසත් බුද්ධ ශාසන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.

කොරෝනා රෝගය පැතිරීමේ අවදානමක් ඇති බැවින්  මෙම  පියවර ගත් බව අමාත්‍යංශය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා මෙසේ පැවසීය.

”ආගමික කටයුතුවල යෙදෙන්න එපා කියා අපිට බල කරන්න බැහැ. නමුත් සෞඛ්‍ය අංශ පැහැදිලිව කියනවා සෙනඟ රැස්වන සියලු කටයුතු නවත්වා දමන්න කියලා. ඒ නිසා අපේ අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කළා සියලුම වන්දනා ගමන්වලින් වැළකී සිටින්න කියලා. පසුගිය දින කිහිපයේ අති විශාල බැතිමතුන් පිරිසක් සිරිපා වන්දනාවේ ගිහින් තියෙනවා. මෙය ඇත්තටම අවදානම් තත්ත්වයක්.

එවැනි තැන්වල කොරෝනා රෝගය පැතිරීමේ දැඩි අවදානමක් තියෙනවා. ඒ නිසා ආගමික කටයුතු තමන්ට අවශ්‍ය පුද්ගලික මට්ටමින් නිවෙස්වලට වී සිදුකර ගනිමින් ඒකරාශී වීමෙන් වළකින්න කියා තමයි අපි ඉල්ලන්නේ. සියලුම විහාරස්ථානවලටත් මේ නිවේදනය යොමු කරනවා” යැයිද කීය.

Related posts

රාජ්‍ය මාධ්‍ය පක්ෂග්‍රාහීයි… ගුවන්විදුලි සභාපති, ජනමාධ්‍ය ලේකම් කථානායක හමුවට කැදවයි…

colombotoday

මහරගම ඉන්ධනවලට භූමිතෙල් කවලම් කරලා

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තුවට ගිය වසරේ දී කෝටි 760 ක පාඩුවක්

colombotoday

කොටි මහවිරු දිනය “ජාතික මහවිරු දිනය“ ලෙස නම් කෙරේ.. උතුරේ මහ ඉහළින් සැමරුම්

colombotoday

ජවිපෙ ධනේශ්වර පිළිකනුවල ලගිනවා – පෙරටුගාමීන්ගෙන් චෝදනා

colombotoday

50,000/-ක අල්ලසක් ගත් ප්‍රාදේශීය ලේකම් මහ උළු ගෙට

colombotoday