Colombo Today Local News

වතු නිවාස පෙළක ගින්නක්

ලිඳුල තේ වත්ත, ප්‍රදේශයේ වතු කම්කරු නිවාස පෙළියක හටගත් ගින්නකින් ලැයින් කාමර 24 ක් පමණ ගිනිගෙන සම්පූර්ණයෙන් ම විනාශ වී ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.

තලවාකැලේ – ලිඳුල පොලිස් වසමට අයත් බඹරකැලේ තේ වත්තේ මැද කොස ප්‍රදේශයේ පිහිටි වතු ලැයින් කාමර පේළියක එක් නිවසක ඊයේ (10) රාත්‍රී 10.00 පමණ ඇතිවු ගින්නක් හේතුවෙන් එම පේළියට අයත් කම්කරු නිවාස 24 ක් සම්පූර්ණයෙන් ම ගිනිගෙන විනාශ වී තිබේ.

ගින්න අද (11) අලුයම 2.00 පමණ වන විටත් නිවා දැමීමට අසීරු වු බව පොලීසිය පවසයි.

ගින්න හේතුවෙන් වතු නිවාසවල පදිංචි පවුල් 24කට අයත් 70 ක පමණ පිරිසක් අවතැන්ව ඇත.

ඔවුන්ට මේ වන විට තේ වත්තේ තාවකාලික ස්ථානවල නවාතැන් පහසුකම් සැලසිමට වතු පාලන අධිකාරිය පියවර ගෙන තිබේ.

ගිනි ගැනිමෙන් කිසිවෙකුටත් ජීවිත හානි හෝ තුවාල සිදුවිමක් වාර්ථා නොවන අතර ගින්න ඇති වීමට නිශ්චිත හේතුවක් මෙතෙක් තහවුරු වී නොමැත.

Related posts

ඇමෙරිකාවේ දෙවැනි ශ්‍රී ලාංකිකයාත් මිය යයි

colombotoday

අද සිට සුරාසැල් විවෘත කෙරේ

colombotoday

ආණ්ඩුවට බහුතරය අහිමිවුණොත් TNA සහය ආණ්ඩුවට… උපදෙස් බටහිර තානාපති කාර්යාලවලින්…

colombotoday

ඇමති ජෝන්ගෙන් ඉල්ලීමක්….

colombotoday

සජිත්ගේ ජනපති අපේක්ෂක එකගතා ලියවිල්ල ලීක් වෙයි… දිනුවානම් රටම සුන් !

colombotoday

ඥානසාර හිමි අලි ප්‍රශ්නයක

colombotoday