Colombo Today Local News

ලෝකයේ හොඳම දුරකතන සන්නාම 10න් 7ක් චීනයේ

ලෝකයේ හොඳම ජංගම දුරකතන සන්නාම 10 අතරින් 7ක්ම චීනයේ ජංගම දුරකතන සන්නාම බවට පත්ව තිබේ.

ලෝකයේ විශාලම තාක්ෂණික පර්යේෂණ ආයතනයක් වන IDG සමාගම විසින් මෙම ලැයිස්තුව එළිදක්වා තිබුණි.

මේ අනුව ලෝකයේ හොඳම දුරකතන සන්නාමය බවට දකුණු කොරියාවේ සැම්සුන්ග් පත්ව තිබේ.

දෙවැනි ස්ථානයට චීනයේ හුවාවේත් තෙවැනි ස්ථානයට ඇමෙරිකාවේ ඇපල් දුරකතන් පත්ව තිබේ.

පේටන්ට් සංඛ්‍යාව, සන්නාමයේ ශක්තිමත්භාවය, විදේශ ප්‍රවර්ධනය, ප්‍රවර්ධන අයවැය හා නවෝත්පාදනය ඇතුළු කරුණු කිහිපයක් යොදා ගනිමින් මෙම ලැයිස්තුව එළි දක්වා තිබුණි.

ලෝකයේ හොඳම දුරකතන සන්නාම 10

01 සැම්සුන්ග් – දකුණු කොරියාව

02 හුවාවේ – චීනය

03 ඇපල් – ඇමෙරිකාව

04 ෂියෝමි – චීනය

05 ඔප්පෝ – චීනය

06 හෝනොර් – චීනය

07 විවෝ – චීනය

08 ලෙනෝවෝ  – චීනය

09 ටෙක්නෝ – චීනය (හොංකොං)

10 එල්.ජී- දකුණු කොරියාව

Related posts

කොටවෙහෙරගල යාය කදු රක්ෂිතයේ ගින්නකින් අක්කර සියයකට වඩා හානී

colombotoday

මුදල් ප්‍රත්පත්තිය ලිහිල් කිරීමට තීරණයක්

Admin

ජාතික රෝහලේදී ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් මියගිය රෝගියාගේ ජෛව සාම්පල ඉන්දියාවට..

Admin

ගෝඨා ‘එළිය’ අරන් රට වටේ යයි

colombotoday

රණ විරුවෝ යෙයුස් වහන්සේ අත තිබ්බා වගේ, රාජපක්ෂ අත තිබ්බ ගමන් නැගිට්ටා

colombotoday

නිවසේදී මියගිය තරුණයා ගැන විමල්ගෙන් නිවේදනයක් !

colombotoday