Colombo Today Local News

රෝසිගේ පුතාගේ නමත් බැඳුම්කර වාර්තාවේ – සංවාදය මෙන්න

මහබැංකු බැදුම්කර නිකුතුවේදී සිදුවූ මහා පරිමාණ වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති කොමිෂන් සභාවේදී විවිධ දේශපාලකයන් රැසකගේ නම්,ගම් එළියට පැමිණියේය.

මේ වනවිට කෝප් වාර්තාවෙන් තවත් නමක් එළියට පැමිණ තිබේ. ඒ හිටපු පාර්මේන්තු මන්ත්‍රීවරියක මෙන්ම, ඇමතිවරියකද වූ රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා පිළිබඳවය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරී නුවන් සල්ගාදු මහතා සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේන මහතා අතර ඇතිවන දුරකථන සංවාදයකදී මෙලෙස රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා පිළිබඳව කතා බවට ලක්වන අතර එම දුරකථන සංවාදවල දත්ත සටහන් බැඳුම්කර කොමිසම විසින් පිරීක්සීමේදී මෙය එළියට පැමිණ ඇත.

එම සංවාදය අනුව හෙළිවන්නේ පැවති පාර්ලිමේන්තුවේ කොප් කමිටු පරීක්ෂණයේදී කසුන් පලිසේන විසින් කෝප් කමිටුව වෙත ලබාදී ඇති ප්‍රකාශයක්, පාර්ලිමේන්තුවේ සභාගත කිරීමටත් පෙර චූදිත පාර්ශවයට ලබාදී මට රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා කටයුතු කර ඇති බවය.

බැඳුම්කර කොමිසමේ පරීක්ෂණ යන අතරතුර බැඳුම්කර වංචාවට රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයාගේ නමද ගෑවී ඇති බවට මාධ්‍ය මගින් යම් අනාවරණයක් කළ නමුත් රෝසි සේනානායක මහත්මිය විසින් එකළ එය ප්‍රතික්ෂේප කර තිබිණි.

කෙසේ නමුත් බැඳුම්කර වාර්තාවේ ඉංග්‍රීසි පිටපතේ පිටු අංක 162 සහ 163 යන පිටුවල කසුන් පලිසේන සහ නුවන් සල්ගාදුගේ සංවාදය ඇතුළත් කොටස පරිශීලනය කිරීමෙන් රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයාද මෙයට හවුල්වී ඇති බව තහවුරු වන අතර එම පිටු දෙක පහතින් උපුටා දැක්වෙයි.

Related posts

කවුරු කොතන කොහොම කීවත් මම ඉන්නකම් විදේශ අධිකරණයකට ඇඟිලි ගැසීමට දෙන්නෙ නැහැ

colombotoday

ඇමති රාජිතගේ ප්‍රකාශය තවත් ප්‍රභාකරන් කෙනෙකු නිර්මාණය කිරීමට පාර කැපීමක්…

colombotoday

සෞදි අධිකරණය ලාංකික කතගේ නඩුව නැවත අසයි

colombotoday

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බස්නාහිර පොලිස් නිලධාරින් 37ක් ගැන තීරණයක්

colombotoday

යහපාලන අඹුඩය ගලවා, ගම්මන්පිල වැට් බදු පලාඵල කියයි

colombotoday

බස්නාහිරින් පිටවීමේ තහනම ඉවතට | සීමාවන්ට යටත්ව බස් සහ දුම්රිය ධාවනය යළිත්..

colombotoday