Colombo Today Local News

රෝගී ජීවිත අනතුරේ – අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 319 ක හිගයක්.

අගෝස්තු මාසයේ 30 වැනි දින වන විට මධ්‍යම බෙහෙත් ගබඩාවේ රෝගීන් සදහා අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 319 ක් නොමැති බවට වෛද්‍ය සංගමය අනාවරණය කරයි.

ඔවුන් මේ බව අද (02) කොළඹ දී පවත්වන ලද මාධ්‍ය හමුවේදී කියා සිටියා.

ඒ අනූව ඉදිරි දින කිහිපය වන විට දීප ව්‍යාප්තව පිහිටි රෝහල් වලට මෙම හිගය බලපානු ඇති බවට ද ඔවුන් විසින් පෙන්වා දුනි.

මීට අමතරව අනෙකුත් ඖෂධ වර්ග 324 ක් ද නොමැති බවත්, ඒ අනූව ඖෂධ වර්ග 643 ක හිගයක් පවතින බවත්, ඒ සම්බන්ධව වන වාර්තා ද තම සංගමය සතුව පවතින බවද ඔවුන් විසින් හෙළිදරව් කරන ලදී.

මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වූ වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පහත අදහස් පල කරන ලදී.

පසුගිය කාලය පුරාම අප සංගමය විසින් ඖෂධ අර්බුධය සම්බන්ධයෙන් දිගින් දිගටම හෙලිදරව් කලා, ඖෂධ වල ප්‍රමිතිය පිළිබද බරපතල ගැටළු රැසක් තිබෙන බවත්, රජයේ රෝහල් වල පවතින දැඩි ඖෂධ හිගය සම්බන්ධවත් සාක්ෂි හා සාධක සහිතව විගණකාධිපති වාර්තාවන් සහිතවද අනාවරණ කලා.

විශේෂයෙන්ම ඖෂධ හිගයන් සම්බන්ධව රෝහල් ආශ්‍රිතව මාධ්‍ය සාකච්ඡා පවත්වා රජයේ වෛද්‍ය සංගමයට අදාළ ශාඛා සංගම් විසින් ද කරුණු හෙළි කලා. නමුත් කරුණු එසේ තිබියදීත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් කටයුතු කලේ අදාළ නොවන පිළිතුර ලබා දීමත්, නන් දෙඩවීම් සිදු කිරීමත්ය.

අදාළ අමාත්‍යවරයා රෝගී ජනතාවගේ ගැටළු විසදීම වෙනුවට කරුණු හෙළි කල වෛද්‍යවරුන්ට එරෙහිව අත්තනෝමතික අයුරින් විනය පරීක්ෂණ ආරම්භ කරමින් සිටී, මධ්‍යම බෙහෙත් ගබඩාවේ අධ්‍යක්ෂවරයා ඇතුලු දේශපාලන හිතවතුන් යොදා ගනිමින් ඖෂධ හිගයක් නොමැති බැව් පෙන්වීමට උත්සාහ දරයි, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ආශිර්වාදය සහිතව නාමික වෛද්‍ය සංගම් පිහිටුවමින් වෛද්‍යවරුන් අතර බෙදීමක් ඇති බව රටට පෙන්වීමට කටයුතු කරමින් සිටින බවට කියා සිටින ලදී.

Related posts

විශ්වවිද්‍යාල සිසුවෙක් අතුරුදන්

colombotoday

“තිස් අවුරුද්දක් සමස්ථ රණවිරුවන් කළ කැප කිරීමට සමාන කැපකිරීමක් රට වෙනුවෙන් මාත් කරමින් ඉන්නවා” -ජනපති

colombotoday

කළුදිය පොකුණ හෝටලයක දෙන්න කිවුවා. පාර්ලිමේන්තුවට කැඳවා ඉස්ලාම් දේශපාලකයන් මාව අපහසුතාවයට පත් කළා. පුරාවිද්‍යා අධ්‍යක්ෂකගෙන් හෙළිදරව්වක්

colombotoday

රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා ට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

colombotoday

ෆේස්බුක් එකෙන් ‘සංහිදියාව‘ කඩන අයට ඇමති චම්පික රතු එළි දල්වයි !

colombotoday

රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ මාසික වැටුප රු. ලක්ෂයට බස්සයි… වියදම් අවම කිරීමට ජනපති නියෝග !

colombotoday