Colombo Today Local News

රුපියල් 20,000/-ක අල්ලස් ගත් පොලිස් පරීක්ෂකට අට වසරක සිරදඬුවම්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට එරෙහිව නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 20,000/-ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවන්ට වරදකරුවු කහවත්ත ඇන්දාන පොලිස් මුරපොලේ හිටපු උප පොලිස් පරීක්‍ෂවරයකුට වසර 8ක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඔහුට රුපියල් 10,000/- ක දඩයක් ද අද (12) නියම කළේය.

විත්තිකාර හිටපු උප පොලිස් පරීක්‍ෂවරයාට නියම කළ වසර 8ක සිරදඬුවම වසර 4ක කාලයකින් ගෙවී යන පරිදි ක‍්‍රියාත්මක කිරීමට ද විනිසුරුවරයා නියම කළේය


සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින් ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ රංජනී සෙනෙවිරත්න මහත්මිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඩුවම් නියම කෙරිණි.

විත්තිකරුට එරෙහි චෝදනා අල්ලස් කොමිසම විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ කහවත්ත ඇන්දාන පොලිස් මුරපොලේ උප පොලිස් පරීක්‍ෂවරයකු ලෙස කටයුතු කළ ටී. පුන්‍යවර්ධන නමැත්තාටය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට අදාළ ද ඬුවම් නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ රංජනී සෙනෙවිරත්න මහත්මිය පෙනී සිටියාය.

Related posts

ඔබ සරලයි.. සාමයට ලැදියි.. මගේ හදවතට සමීපයි.. පාප්තුමෝ ජනපතිට කියයි

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කල අශොක් අබේසිංහ සීඅයිඩියට

colombotoday

ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්ථාන T20 දෙවන තරගය අද

Admin

‘ඇමතිකමෙන් ඉවත් කළොත් බැඳුම්කර රහස් එළි කරනවා‘ ප්‍රබල ඇමතිගෙන් අගමැතිට තර්ජණ !

colombotoday

සෑම මැතිවරණ කොට්ඨාශයකටම නිවාස ඒකක 100කින් යුත් නිවාස සංකීර්ණයක්

colombotoday

තව පෝය දෙක තුනයි… මහින්ද ආණ්ඩුවට දින වකවාණු දෙයි (Video)

colombotoday