Colombo Today Local News

රිෂාඩ් බදුර්දීන් නිදහස් කළා වගේ අල්ලගත්ත කඩුත් යලි බෙදලා දෙන්න

“පාස්කු බෝම්බ ප්‍රහාරයේ සිදුවීම් සමග නම කියැවුණු එකම මන්ත්‍රිවරයා තමයි රිෂාඩ් බදියුඩීන් ඇමතිවරයා. එතුමා ගැන අපි පොලිසියට පැමිණිලි කළත් අඩුම ගණනේ පොලිසිය විසින් ප්‍රකාශයක් වත් සටහන් කර ගන්නේ නැතුව එතුමාව නිදහස් කළා. පොලිසියට අයිති දෙයක් නෙමෙයි කෙනෙක් නිදහස් ද නැද්ද කියන එක. පොලීසිය කළ යුත්තේ විමර්ශණයේ තොරතුරු උසාවියට වාර්ථා කිරීමයි. උසාවියිය තීරනය කල යුත්තේ නිදොස්ද නැද්ද කියන එක. රිෂාඩ් බදියුඩීන් ඇමතිවරයාගේ කුණු සේදීීම සදහා බිහි කල කුණු ලොන්ඩරිය නමින් රට දන්නා තේරීම් කාරක සභාව සිය වාර්තාව දෙන්නත් කලින් එයාට ඇමති ධූරයකුත් ලැබුණා.” යැයි අද (5) වන දින පැවැති පිවිතුරු හෙළ උරුමය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමින් පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සඳහන් කර සිටියේය.

රිෂාඩ්ට එක නීතියකුයි අනිත් අයට තව නීතියකුයි තිබෙන්න බෑනෙ. ඒ නිසා කඩු බෙදා දීමේ ජාතික උත්සවයක් පවත්වලා, කඩු අත්අඩංගුවට ගැනීම ගැන සමාව අයදිමින් රට පුරා අත්අඩංගුවට ගත් කඩු තොග අයිතිකරුවන්ටම බෙදා දෙන්න කියලා අපි යෝජනා කරනවා. ඒ වගේම අත්අඩංගුවේ සිටින ජාතික තහුහිඩ් ජමාත් සාමාජිකයන්ද ඇතුළු ත්‍රස්තවාදි සැකකරුවන් වන්දි සමග නැවත පවුලේ සාමාජිකයින්ට උත්සවාකාරයෙන් භාර දෙන්න කියලා අපි යෝජනා කරනවා. වන්දි ගෙවීම සදහා දැන් හානි පූර්ණ කාර්යාලය කියල එකකුත් පිහිටුවලා තියෙනවානේ. එය යටතේ දැන් ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීමද නීත්‍යනුකූල වී තිබෙනවා. ඒකත් මදි නම් පාස්කු ඉරිදා පල්ලි ගිය සියළුම දෙනා වැරදි වෙලාවේ වැරදි ස්ථානයේ සිටීමේ චෝදනාවට අත්අඩංගුවට ගන්නත් පුළුවන්.

Related posts

විදේස්ගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක්

colombotoday

RDA සේවිකාවට කාර්යාලයේදී පහර දුන් ඉංජිනේරුවා අත්අඩංගුවට

colombotoday

පවුල් පිටින් හොරකමේ ගිය අම්මයි, තාත්තයි, දුවයි CCTV යෙන් මාට්ටු වූ හැටි (Video)

colombotoday

සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟ නෑ – ජාතික ජනබලවේගය ජනපතිට දන්වයි..

colombotoday

ලංකා IOC බලපත්‍රය තවත් වසර 20ක් දීර්ඝ කෙරේ…

Admin

මාවනැල්ල ප්‍රා.ස රැස්වීමට සතියක වාරණයක්

colombotoday