Colombo Today Local News

රාජාංගනයේ තිදෙනෙකුට කොරා්නා.. 300ක් නිරෝදායනයට

කොරෝනා වෛරසය ආසාදනය වූ 03 දෙනෙකු රාජාංගනය ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

මෙම පුද්ගලයා කන්දකාඩු නිරෝධායන පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු වන අතර ඉතිරි දෙදෙනා ඔහුගේ දරුවන් දෙදෙනාය.

එම දරුවන්ගෙන් එක් අයෙකු වයස අවුරුදු 11 ක දරුවෙක් බවක් අනෙක් දරුවා වයස අවුරුදු එකහමාරක් බවත් ඔහු සඳහන් කළේය.

අදාළ නිලධාරියා එම දිනවල සහභාගි වූ අවමංගල උත්සවයකට සහභාගී වූ 150ක්, දානය ගෙදරක 80ක්, දරුවා සහභාගිවූ පන්තියේ සිසුන් 70ක් නිරෝධායනයට ලක් කර ඇතැයිද ඔහු පැවසීය.

Related posts

තව්හීද් නැමදුමක් සඳහා ක්‍රීඩාංගනයක් කොළඹ නගර සභාවෙන් ලබා දෙයි

colombotoday

කොරෝනා රෝගීන්ගෙන් වැඩ අරගෙන | පානදුර රෝහලෙන් තවත් සිද්ධියක්. | අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්

colombotoday

මෙතෙක් කල් බාර ගත්තේ නැති කිසි දෙයක් දැන් බාර ගන්න සූදානම් නැහැ – රනිල් වික්‍රමසිංහ

colombotoday

වහාම ක්‍රියාත්මකවන පරිදි මොරටුව,පානදුර සහ හෝමාගමට ඇඳිරිනීතිය

colombotoday

දෙපිරිසක් අතර ඇති වු ආරවුලකින් පාසල් සිසුවෙක් ඝාතනයට

colombotoday

අපි ඉල්ලන් කෑවා…

colombotoday