Colombo Today Local News

රටම ආවරණය වන පරිදි පී.සී.ආර්. පරීක්ෂණ කරන්න

‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරසය පැතිර යෑම වැළැක්වීම සඳහා දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි පී.සී.ආර්. පරීක්ෂණ කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (29)දින නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අවස්ථා කිහිපයකදී නව කොරෝනා වෛරස ආසාදිතයන් වැඩි වීමට හේතු වූ කරුණු මොනවාදැයි හඳුනාගෙන ඒවා නැවත සිදු නොවීමට අවශ්‍ය පියවර ගන්නැයි ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

‘කොවිඩ්-19 මර්දන කාර්ය සාධක බලකායේ’ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ (29)දින පැවැති රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම කරුණු සඳහන් කළේය.

මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 350ක් තිබෙන බවත් ඉන් 28කින් ආසාදිතයන් හඳුනාගෙන ඇති බවත් සඳහන් කළ නිලධාරීහු වෛරසය සෙසු ප්‍රදේශවලට පැතිර වැළැක්වීමට උපරිම පියවර ගෙන ඇති බව ද කීහ.

Related posts

සිවාජිලිංගම් ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවයි

colombotoday

බදියුදීන් මොහොමඩ්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වර්ජනය අත්හරී

colombotoday

යාපනය, අරියාලේ පොලිස් මුරපලකට ගිනි…

colombotoday

“අළුත් ව්‍යවස්ථාවෙන් අපේ ඉල්ලීම් දිනාගන්නවා.. විග්නේෂ්වරන්ගේ වැඩවලට අපි නෑ“ – TNA

colombotoday

එජාපයෙන් නෙරපු සාමාජිකයින් 105 දෙනා මෙන්න

colombotoday