Colombo Today Local News

රට රස්සාවට යන අයට සුබ ආරංචියක්, රක්ෂණය දෙගුණ කරන්න යයි

airport-newsfirst-415x260විදේශ රැකියා සඳහා පිටත්වීමට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමෙන් නොමිලේ හිමිවන ජීවිත රක්ෂණය රුපියල් ලක්ෂ දෙකකින් වැඩි කරන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.

ඒ අනුව ලක්ෂ තුනක්ව පැවති එම රක්ෂණාවරණය ලබන වසරේ සිට ලක්ෂ 5ක් දක්වා වැඩිකරන බව  අමාත්‍යවරිය අවධාරණය කළේය.

විදේශ රැකියා සඳහා පිටත්ව යන විට කාර්යාංශයේ ලියාපදිංචි විය යුතු අතර එය වසර දෙකකට පමණක් සීමා වන බව සඳහන් කළ අමාත්‍යවරිය ඇතැම් පුද්ගලයින් ලියාපදිංචිය අලුත් නොකර තවදුරටත් සේවයේ නිරත වන බව  පැවසුවේය.

එවිට යම් අනතුරක් සිදුවුවහොත් එම පුද්ගලයින්ට වන්දි ලබාගැනීමට නොහැකි වන බව  තලතා අතුකෝරල අමාත්‍යවරිය එහිදි අවධාරණය කළේය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් විදේශ රැකියා සදහා පිටත්ව යන්නන්ට නොමිලේ ලබා දෙන ජීවිත රක්ෂණය රුපියල් ලක්ෂ දෙකකින් වැඩි කිරීමට තීරණය කර තිබෙන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසනවා.  ඒ අනුව ලක්ෂ තුනක්ව පැවති එම රක්ෂණාවරණය ලබන වසරේ සිට ලක්ෂ 5ක් දක්වා වැඩි කරන බවයි අමාත්‍යවරිය අවධාරණය කළේ.

Related posts

පුහුණුව අත්හිටවූවත් උපාධිධාරීන් 50,000ටම වැටුප්

colombotoday

අද කාලගුණය

colombotoday

අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට රන්ජන්ට අධිකරණය දුන් තීන්දුව

colombotoday

හමුදාව පවත්වාගෙන ගිය කිලිනොච්චියේ “සෙවන් විලා“ නිවාඩු නිකේතනයෙන් හමුදාව ඉවත් වේ !

colombotoday

SAITM වෙඩි තැබීමේ නාටකයේ පාතාල මන්ත්‍රී මෛත්‍රී පිලෙන් මැතිවරණයට

colombotoday

“මේ ආණ්ඩුව නිසා සාධාරණය ඉටුවුණා.. මරණ දඩුවම ගැන දුකයි“ – හිරුණිකා උසාවියේ හඩාවැටෙයි

colombotoday