Colombo Today Local News

යුද හමුදාවේ තවත් නිලධාරීන් තුනක් ජිනීවා යුද අපරාධ චෝදනා ලයිස්තුවට…

වන්නි මෙහෙයුමේදී යුද අපරාධ සිදු කළ බවට චෝදනා එල්ල කරමින් 581 සේනාංකයේ බි‍්‍රගේඩියර් අනුර ගුණවර්ධන, 582 සේනාංකයේ කර්නල් සංජය වනිගසිංහ සහ 583 සේනාංකයේ කර්නල් සංජය බත්සජයා යන නිලධාරීන්ගේ නම් ද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ යුද අපරාධ ලැයිස්තුවට ඇතුළත් කර ඇත.

 එක්සත් ජාතීන්ගේ උපදේශිකා යස්මිත් සුකා විසින් මෙම හමුදා නිලධාරීන්ගේ නම් ඇතුළත් කරමින් තවදුරටත් දක්වා ඇත්තේ ඔවුන් 58 වැනි සේනාංකය භාරව කි‍්‍රයා කළ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට සම්බන්ධ වූවන් බවයි.

 මේ අනුව වන්නි මෙහෙයුමට සම්බන්ධ හමුදා නිලධාරීන් 59 කට යුද අපරාධ චෝදනා එල්ල වී තිබේ.

 මෙම සියලූ නිලධාරීන් විශ්ව අධිකරණ පද්ධතිය යටතේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස යස්මින් සුකා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා ඇත.

දිවයින

Related posts

වයඹ හරක්ට තහනමක්

Admin

2022 වසරේ අවසාන පූර්ණ චන්ද්‍රග්‍රහණය පොහෝ දා

Admin

ආර්යාවගෙන් සුභපැතුම්

colombotoday

“පිටි මිල අඩු කළොත් , පාං මිල අඩු වෙයි” – බේකරි හිමියන්ගේ සංගමය

Admin

සැරයන්ට පහරදුන් කසිප්පු ජාවාරම්කරුවෙක් අත්අඩංගුවේ

Admin

“සඟරුවනට නීති දාන්න රජයට බලයක්‌ නෑ.. මේ පනත භික්‍ෂු සමාජයට ඉතා අහිතකරයි !”

colombotoday