Colombo Today Local News

යුද හමුදා කදවුරු වල ප්‍රදර්ශනය කළ යුත්තේ යුද හමුදා හා රාජ්‍ය ලාංඡන පමණයි

ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා  සියලු යුද හමුදා කඳවුරු වල වෙනත් ඡායාරූප වෙනුවට  ප්‍රදර්ශන කළ යුත්තේ රාජ්‍ය ලාංඡනය හා යුද හමුදා ලාංඡනය පමණක් බව හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  දැනුම් දී ඇත.
 
රාජ්‍ය අයාතනව වල  ඉන් ඉදිරියට ප්‍රදර්ශන කළ හැක්කේ  රාජ්‍ය ලාංඡනය පමණක් බවට ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා කර තිබු නියෝගයකට අනුව මෙම පියවර ගෙන ඇති බව  යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල්   සුමිත් අතපත්තු මහතා පැවසීය.
 
මේ සම්බන්ධයෙන් සියලු කඳවුරු දැනුවත් කරන ලෙසට  හමුදාපතිවරයා  යුද හමුදා පිරිස් පාලන අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දී ඇති බවද  අතපත්තු මහතා කියා සිටියේය.

Related posts

එරාන් වික්‍රමරත්න මහබැංකු අධිපතිකමට.. රෝසි පාර්ලිමේන්තුවට !

colombotoday

18 හැවිරිදි තරුණියක් සැකකටයුතු ලෙස ජීවිතක්ෂයට

Admin

දින 44ට ගෑස් අනතුරු සම්බන්ධ සිද්ධි වාර්තා වීම් 727ක්

colombotoday

“පඩියත් හොදටම මදි.. දීමනා තව ඕන.. සැප වාහන නැතිව ගමන් බෑ, ඇගට හොද නෑ“ එස්.බී

colombotoday

ගෝඨාභයට නඩු දාන්න බැරි එවුන් මෙහේ ඉඳලා වැඩක් නැහැ – ඇවන්ගාඩ් සිද්ධියට කෙසේ හෝ ගෝඨාභයට නඩු පවරන්න කියා දිල්රුක්ෂි බලපෑම් කළා

colombotoday

ඇමති චම්පික හා කොළඹ නාගරික මන්ත්‍රීවරුන් අතර ගාලගෝට්ටියක්…

colombotoday