Colombo Today Local News

මේක නෝන්ජල් කොන්ද පණ නැති ආණ්ඩුවක්.. කොමියුනිස්ට් රටක් හැර ෆේස්බුක් තහනම් කරපු එකම රට ලංකාවයි

කොලොන්නාවේ පැවති උත්සවයකට සහභාගී වෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ආණ්ඩුවේ සමාජජාලා තහනම පිළිබදව මෙසේ අදහස් පලකළේය.

‘දැන් බලන්න ෆෙස් බුක් එක තහනම් කරලා සතියක් වෙනවා. කොමියුනිස්ට් රටක් හැර ෆෙස්බුක් තහනම් කරපු එකම රට ලංකාව .ඒ තත්වය පාලනය කරන්න දවසක් දෙකක් ෆෙස්බුක් තහනම් කරපු එක හරි. ඉතින් ඇයි තාම තහනම් කරගෙන ඉන්නේ.

රජයට තියෙන්න ඕනේ දියුණු තාක්ෂණය භාවිත කරලා, මේ අන්තවාදීන්ගේ ෆේජස්, ෆ්‍රෙපයිල් මොනිටර් කරලා ඔවුන්ව අත්අඩංගුවට අරගෙන නීතිය අනුව කටයුතු කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒ වෙනුවට ෆෙස් බුක් තහනම් කරලා දිගටම පවත්වාගෙන යන එක නෙමෙයි විසදුම.

මේක මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් බව මං ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක් වුනත් ඒක කියනවා. මොකද අපිට භාෂණයේ හා ප්‍රකාශන තියෙනවා. 1% ක් කරන වැරදිවලට 99% ක් වූ ජනතාවගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස උදුරා ගැනීම යුක්ති ධර්මයට පටහැනියි කියන එකයි මගේ අදහස.

Related posts

රනිල්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාව ඡන්ද 117කින් සම්මතයි

colombotoday

“කරන්න බැරිනම් යන්න.” ජනපතිගෙන් පොලිස්පතිට අවවාද

colombotoday

තහනම ඉවතට.. තැබෑරුම්වලින් මත්පැන් මිළදී ගැනීමට, විකිණීමට අද පටන් කාන්තාවන්ටත් අවසර !

colombotoday

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා දමයි

colombotoday

ජනාධිපති අපේක්ෂකයා ගැන නීත්‍යානුකූල නොවන නම් ඉදිරිපත් කිරීම ගැන විනයානුකූල ක්‍රියාමාර්ග ගතයුතුයි

colombotoday

කසිප්පු පෙරූ චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

Admin