Uncategorized

මුස්ලිම් තරුණයෙකුට සිවුරු පොරවා දුම්රියෙන් අනුරාධපුරයට ගෙනයද්දී චීවරධාරීන් 2ක් දැලේ… කඩාකප්පල්කාරී ක්‍රියාවකට ගියාදැයි සැක !!

මුස්ලිම් තරුණයකු මහණ කර සිවුරු අන්දවා දුම්රියෙන් අනුරාධපුරයට රැගෙන යමින් සිටි සැකකටයුතු චීවරධාරීන් දෙදෙනකු පොල්ගහවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

 මෙම චීවරධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙසක් පොහොයට දින හතරකට පෙර එනම් ඉකුත් 14 වැනිදා ය. අනුරාධපුර වන්දනාකරුවන් භීතියට පත් කිරීමට ඉඩ තිබූ නිසා මෙම චීවරධාරීන් අත්අඩංගුවට ගැනීම හෙළි නොකර ඔවුන් පිළිබඳව රහසිගතව විමර්ශන පැවැත්වූ බව පොලිසිය පවසයි.

 මෙම චීවරධාරීන් දෙදෙනා මුස්ලිම් තරුණයා මහණ කර අනුරාධපුරයට රැගෙන යන්න උත්සාහ දරා ඇත්තේ උත්සව සමයේ කිසියම් කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් සිදු කරන්නට බවට පොලිසිය සැක කරයි.

 මුස්ලිම් තරුණයා රැගෙන යමින් සිටි චීවරධාරීන් දෙදෙනා සතුව තිබී ඇමරිකන් ඩොලර් ඇතුළු රුපියල් ලක්‍ෂයකට ආසන්න මුදලක් මිල අධික ජංගම දුරකථන තුනක් පොලිසිය මගින් සොයාගෙන ඇත.

 කොළඹ කොටුවේ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගමන් ගත් මෙම චීවරධාරීන් තිදෙනා පිළිබඳව සැක පහළ කළ දුම්රිය මගීන් ඒ පිළිබඳව පොල්ගහවෙල පොලිසියට ජංගම දුරකථන මාර්ගයෙන් දැනුම් දී ඇත.

 ඒ අනුව පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපති ආර්. ඒ. එච්. සිරිල් මහතා ඇතුළු නිලධාරීන් පොල්ගහවෙල දුම්රිය ස්ථානය වෙත පැමිණ යාපනය බලා ධාවනය වෙමින් තිබූ රාත‍්‍රී දුම්රියේ සිටි මෙම සැකකටයුතු චීවරධාරීන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

 මෙම චීවරධාරීන් තිදෙනා අතර සිටි වැඩිමහල් චීවරධාරියා කතරගම ප‍්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමක ලෙස කටයුතු කළ අයෙකි. විහාරස්ථානයේ ඇති වූ ගැටුමකින් පසු එම චීවරධාරියා කතරගම ප‍්‍රදේශයෙන් එලවා දමා ඇති අතර, මාස කිහිපයක් තිස්සේ මෙම චීවරධාරියා රටපුරා සැරිසරමින් සිට ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත. හෙතෙම රාජ්‍ය නොවන සංවිධානයක්ද පවත්වාගෙන යන බව ද අනාවරණය වී ඇත.

 ප‍්‍රශ්න කිරීම්වලදී සැකකාර චීවරධාරියා පවසා ඇත්තේ මෙම මුස්ලිම් තරුණයා මුණගැසී ඇත්තේ කොටුව දුම්රිය ස්ථානය අසලදී බවයි. පස්සර පාර, බදුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වූ මොහොමඞ් ඉර්ෂාඞ් නමැති 16 හැවිරිදි තරුණයා කොළඹට පැමිණ ඇත්තේ රැකියාවක් කිරීමේ බලාපොරොත්තුවෙනි. කොටුව දුම්රිය ස්ථානය අසලදී චීවරධාරියාට හමු වූ මුස්ලිම් තරුණයා තමන්ට මහණවීමට අවශ්‍ය බව පවසා ඇත. පසුව මොහු මුස්ලිම් තරුණයා පිටකොටුවේ සැලූන් එකකට රැගෙන ගොස් හිස මුඩුකර වෙළෙඳ සැලකින් සිවුරක් මිලදී ගෙන පිටකොටුව බෝධිය ඉදිරිපිටදී එය අන්දවා මහණ කර ඇත.

 පසුව මෙම මුස්ලිම් තරුණයා ද කැඳවාගෙන චීවරධාරීන් දෙදෙනා අනුරාධපුරය බලා යමින් සිටියදී මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. මෙම චීවරධාරීන් සිදුකළ ප‍්‍රකාශ පරස්පර බව පවසන පොලිසිය මොවුන් කිසියම් සංවිධානයක් සමග සම්බන්ධතා පවත්වමින් කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් සිදුකිරීමට සැලසුම් කරන්නට ඇති බව සැක කරයි. මෙම චීවරධාරීන් තිදෙනා පිළිබඳ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට හා ත‍්‍රස්ත විමර්ශන ඒකකය වෙත ද දැනුම් දී ඇත.

 වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන, කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක, සහකාර පොලිස් අධිකාරි ජයසිංංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපති ආර්. ඒ. එච්. සිරිල් මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

දිවයින

Related posts

තවත් වෙඩිල්ලකට බිලිවූ ජීවිතයක්

Admin

Thong jeans are just the latest weird fashion trend

colombotoday

විෂ පොල්තෙල් කන්ටේනර් ආනයන කළ සමාගම්වල ගුදම්වලට යොමුකරයි

colombotoday

Video – ඉස්ලාම් අන්තවාදය ඉදිරියේ මනෝ ගනේෂන් මළකඳක් වෙලා – බොදු බල සේනා

colombotoday

බැඳුම්කර වංචාව : රවී කරුණානායක ඇතුළු චූදිතයින්ට එරෙහිව විශේෂ අධිකරණ විභාගයක් පවත්වන්නැයි නීතිපතිවරයා ඉල්ලයි

colombotoday

රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහි බැඳුම්කර නඩුව යළි කැඳවීමට දින නියමවෙයි

colombotoday