Colombo Today Local News

මින්පසු ත්‍රිපිටකය හිතූ හැටියට සංස්කරණ බෑ.. විද්වත් මණ්ඩල අනුමැතියෙන් පමණයි…

උතුම් ති‍්‍රපිටකය ජාතික උරුමයක් බවට ප‍්‍රකාශයට පත් කළා සේම එය උතුම් ලෝක උරුමයක් බවට පත් කිරීමේ මැදිහත්වීම ද තමා ඉදිරියේ දී සිදු කරන බව ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කරමින් පූජනීය ති‍්‍රපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය ගෞරවණීය මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද (05දා) පෙරවරුවේ මාතලේ ඓතිහාසික අලුවිහාරයේ දී පැවැත්වුණු අතර ජනාධිපතිවරයා එහිදී මේ බව ප‍්‍රකාශ කළේය.

මෙම ඓතිහාසික කටයුත්ත මගින් උතුම් ති‍්‍රපිටකය විකෘති අර්ථ විවරණයන්ගෙන් බේරාගෙන ඊට නෛතික ආරක්ෂාව සැලසීමට හැකි වන බවත් මින් ඉදිරියට රජයේ අවසරයකින් තොරව ති‍්‍රපිටකය සංස්කරණයට, පරිවර්තනයට හෝ අනිසි කටයුතුවලට භාවිතා කිරීමට කිසිවෙකුට ඉඩක් නොලැබෙන  බවත් ජනපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මින්පසු ති‍්‍රපිටකය පරිවර්තනයට හා සංස්කරණයට ඉඩ ලැබෙන්නේ ප‍්‍රාමාණික විද්වත් මණ්ඩලයකට පමණක් බවත්, මේ අයුරින් රාජ්‍ය මැදිහත්වීම සිදුකළේ උතුම් ති‍්‍රපිටකයට අවැඩ සඳහා වන සියලු කටයුතු වළක්වාලීමට බවද ඔහු සඳහන් කළේය.

මහා සංඝරත්නයේ අපේක්ෂාව හා අනුශාසනා පරිදි මෙම අත්‍යාවශ්‍ය තීරණයට තමා එළැඹියේ ධර්මයේ හැසිරෙන සහ බුද්ධ භාෂිතය පිළිබඳ අප‍්‍රමාණ ගෞරවාදරයකින් බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙම උතුම් පුණ්‍ය කටයුත්ත තම ධූර කාලය තුළ ඉටු කිරීමට ලැබීම තම පුණ්‍ය මහිමයක් ලෙස සලකන බව ද කියා සිටියේය.

Related posts

කොටි සැමරුමට ඉඩ ඉල්ලූ පෙත්සම් 4ක් ප්‍රතික්ෂේපයි.

colombotoday

ආගමික සමුළුවකට සහභාගී වීමට ඤාණසාර හිමි මියන්මාරයේ සංචාරයක.. විරාතු හිමිත් හමුවෙයි

colombotoday

ජනපති සිංගප්පුර් යනවා යැයි කියන ගුවන් යානය

colombotoday

දෙහිවල මුහුදේසිටි පුද්ගලයෙක් කිඹුලෙකුට බිලි වෙයි

colombotoday

නඩු විභාගයන් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සජබෙන් නීතිපතිට ලිපියක්

colombotoday

සියලු පාසල්වල ප්‍රාථමික අංශ 25 සිට ඇරඹේ

colombotoday