Colombo Today Local NewsCovid 19

මැලේරියා රෝගයට ලබා දෙන ඖෂධ වර්ග දෙකක් වෛද්‍ය නිර්දේශකින් තොරව අලෙවිය තහනම්

විශේෂඥ වෛද්‍යවරයකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව chioroquine සහ hydroxychioroquine යන ඖෂධ නිකුත් නොකරන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය සියලු ඖෂධ අලෙවිසැල්වලට නියෝග කර තිබේ.
 
මෙම නියෝගය කඩකරන්නන්ට එරෙහිව ජාතික ඖෂධ නියාමන පනත යටතේ නඩු පවරන බව එම අධිකාරිය පවසයි.
 
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ මැලේරියා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී යොදාගෙන ඇති මෙම ඖෂධ අවශ්‍යතාව අනුව රෝහල්වලදී කොරෝනා රෝගීන්ටද ලබා දෙන බවයි.
 
නමුත් මෙම ඖෂධ ලබාගැනීමෙන් රෝගයෙන් ආරක්ෂා විය නොහැකි නිසා ඒවා සොයා ඖෂධ අලෙවිසැල් වෙත නොයන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ජාසිංහ මහතා කීවේය. 

Related posts

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කරයි

colombotoday

අම්බලන්ගොඩ, අහුන්ගල්ල, මීටියාගොඩ ආරක්ෂාව තර කරයි

Admin

නළලේ කොටාගෙන නොසිටියාට මා හොඳ බෞද්ධයෙක් – හර්ෂ ද සිල්වා පිළිතුරු දෙයි

colombotoday

ගුරු – විදුහල්පති වර්ජනය ගැන අද ගත් තීරණය

colombotoday

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටි දුම්රිය ගමන් නවතී !

colombotoday

දුෂ්කර හා අතිදුෂ්කර පාසල්වල ගුරුවරුන්ට අමතර දීමනාවක් !

colombotoday