Colombo Today Local News

21 වන සං‌ශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ වගන්ති රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21)දින පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

ඒ අනුව, අදාළ වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කර ජනමත විචාරණයකින් ද සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකවරයා වෙත දැනුම් දී ඇත.

සම්පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව පහතින් දැක්වේ….

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන ලද “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි එක් වන සංශෝධනය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දෙනු කැමැත්තෙමි.

ශ්‍රේෂ්ඨාධිකරණය පහත තීන්දුව ලබා දී තිබේ.

(i) පනත්කෙටුම්පතෙහි 2,3,4,5,6,7,8,9,10,11,12,13,15,23,24,26,27,28 හා 36 වගන්තිවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) ව්‍යවස්ථාව සමග කියවනු ලැබිය යුතු 3 වන ව්‍යවස්ථාව සමග අනනුකූල වන විධිවිධාන අඩංගු වන අතර, ඒ අනුව අදාළ පනත් කෙටුම්පතෙහි එකී වගන්ති පනවනු ලැබිය හැකි වනුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවෙහි නියම කෙරෙන පරිදි විශේෂ බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදුව, 83 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ජනතාව විසින් ජනමත විචාරණයකදී අනුමත කිරීමෙන් පමණි.

(ii) පනත් කෙටුම්පතෙහි 2,3 සහ 4 වන වගන්තිවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ඉ) ව්‍යවස්ථාව සමග කියවනු ලැබිය යුතු 3 වන ව්‍යවස්ථාව සමග අනනුකූල වන විධිවිධාන අඩංගු වන අතර, ඒ අනුව අදාළ පනත් කෙටුම්පතෙහි එකී වගන්ති පනවනු ලැබිය හැකි වනුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවෙහි නියම කෙරෙන පරිදි විශේෂ බහුතරය සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදුව, 83 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ජනතාව ජනමත විචාරණයකදී අනුමත කිරීමෙන් පමණි.

(iii) පනත් කෙටුම්පතෙහි 14 වන වගන්තිය දැනට පවතින පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) ව්‍යවස්ථාව සමග කියවනු ලැබිය යුතු 3 වන ව්‍යවස්ථාව සමග අනනුකූල වන අතර, ඒ අනුව අදාළ පනත් කෙටුම්පතෙහි එකී වගන්තිය පනවනු ලැබිය හැකි වනුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවෙහි නියම කෙරෙන පරිදි විශේෂ බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදුව, 83 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ජනතාව ජනමත විචාරණයකදී අනුමත කිරීමෙන් පමණි. එතකුදු වුව ත්, යෝජිත 41 (අ) (1) ව්‍යවස්ථාව ඉහත විග්‍රහ කරන ලද ප්‍රතිපාදනය ඉවත් කිරීම සඳහා යෝග්‍ය ලෙස සංශෝධනය වන්නේ නම්, යෝජිත 41 (අ) (6) ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා හට තම නාමිකයා වශයෙන් එක් පුද්ගලයෙක්, සභාවේ සාමාජිකයෙක් ලෙස පත් කිරීමට අවස්ථාව සැලසෙන්නේ නම්, ජනමත විචාරණයක අවශ්‍යතාව නිෂේධ වේ;

(iv) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ආ) ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 3 වන ව්‍යවස්ථාව සමග පනත් කෙටුම්පතෙහි 19 වන වගන්තිය අනනුකූල වන අතර, එය පැනවිය හැකි වන්නේ 84(2) ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි විශේෂ බහුතරයකින් සහ 83 වන ව්‍යවස්ථාවට අනුව පවත්වනු ලබන ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත කරන්නේ නම් පමණි;

(v) පනත් කෙටුම්පතෙහි 30 (අ) වගන්තිය මගින් ජනතාවගේ අධිකරණ බලය සීමා කිරීමට අපේක්ෂා ‍කෙරෙන බැවින්, එම වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) ව්‍යවස්ථාව සහ 4 (ඉ) ව්‍යවස්ථාව සමග කියවිය යුතු 3 වන ව්‍යවස්ථාව සමග අනනුකූල වන අතර, එම වගන්තිය පැනවිය හැකි වන්නේ 84(2) ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි විශේෂ බහුතරයකින් සහ 83 වන ව්‍යවස්ථාවට අනුව පවත්වනු ලබන ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත කරන්නේ නම් පමණි;

(vi) පනත් කෙටුම්පතෙහි 39 වන වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 (1) ව්‍යවස්ථාව පරිච්ඡින්න කිරීමට අපේක්ෂා කරන බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ආ) ව්‍යවස්ථාව සමග කියවිය යුතු 3 වැනි ව්‍යවස්ථාව සමග එය අනනුකූල වන බැවින්, එම වගන්තිය පැනවිය හැකි වන්නේ 84(2) ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි විශේෂ බහුතරයකින් සහ 83 වන ව්‍යවස්ථාවට අනුව පවත්වනු ලබන ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත කරන්නේ නම් පමණි;

(vii) පනත් කෙටුම්පතේ 43 වන වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) ව්‍යවස්ථාව සමග කියවිය යුතු 2 වන සහ 3 වන ව්‍යවස්ථා වලට අනනුකූල වන බැවින්, ඒ අනුව එය පනවනු ලැබිය හැක්කේ 84(2) ව්‍යවස්ථාව ප්‍රකාරව ලබන විශේෂ බහුතරයකින් සහ 83 වන ව්‍යවස්ථාව ප්‍රකාරව පවත්වනු ලබන ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කරන්නේ නම් පමණි; සහ

(VIII) පනත් කෙටුම්පතේ 51 වන වගන්තිය යටතේ එන වෙනත් කරුණු අතර, අග්‍රාමාත්‍යවරයා සභාපතිවරයා බවට පත් විය යුතු ජාතික ආරක්ෂක සභාව නමින් යුත් XIX-ඇ අධිකාරය හඳුන්වා දීමට අපේක්ෂා කරනු ලබයි. යෝජිත 156ඌ (1) සහ 156ඌ (2) යන ව්‍යවස්ථා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) වගන්තිය සමග කියවිය යුතු 1, 2 සහ 3 වන ව්‍යවස්ථා වලට අනනුකූල වන බැවින්, එබැවින් ඒවා පනවනු ලැබිය හැක්කේ 84(2) වගන්තිය ප්‍රකාරව විශේෂ බහුතරයකින් සහ 83 වන ව්‍යවස්ථාව ප්‍රකාරව පවත්වනු ලබන ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කරන්නේ නම් පමණි: එතකුදු වුව ත්, යෝජිත ජාතික ආරක්ෂක සභාවේ සංයුතිය වෙනස් කරමින් ජනාධිපතිවරයා යෝජිත සභාවේ, සභාපතිවරයා බවට පත් කිරීම සඳහා යෝජිත 156ඌ (1) සහ 156ඌ (2) ව්‍යවස්ථා සංශෝධනය කරනු ලබන්නේ නම්, එවිට එවැනි අනනුකූලතාවක් නිෂේධ වනු ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවේ අද දිනට නියමිත කටයුතුවල නිල වාර්තාවෙහි මුද්‍රණය කළ යුතු යැයි මම නියෝග කරමි.”

Related posts

වරායෙන් නිදහස් කර නොගත් හා රේගුවෙන් රාජසන්තක කළ ආහාර ද්‍රව්‍ය සතොසට

colombotoday

ආර්ථික විශේෂඥයෝ කියන අය රට භාරව හිටියත් යහපාලන කාලයේ රට හොඳටම වැටුණා – පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා

colombotoday

ගෑස් පෝලිමේ සිටි අයෙක් මන්ත්‍රී කනක හේරත්ට ගෑස් සිලින්ඩරයකින් ගහලා

colombotoday

වැලි, ගල්, බොරළු සහ මැටි ප්‍රවාහනයේදී අක්‍රමිකතා නවතන්න නව බලපත්‍ර ක්‍රමවේදයක්…

Admin

එජාපෙ අපේක්ෂකයා එජාප සම්මේලනයට පෙර !

colombotoday

රන්ජන් ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාවේ ප්‍රථම වසර අවසාන පරික්ෂණයට.

colombotoday