Colombo Today Local News

මාව විකට් ගන්නා පන්දු යවන්නෙක් කලේ නුවන් කුලසේකර – ලසිත් මාලිංගගෙන් ප්‍රකාශයක්

තමා ක්‍රීඩා කරන අවසන් එක්දින තරගය නැරඹීම සඳහා පැමිණෙන ලෙස තමන් ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන්නෙක් වන නුවන් කුලසේකරගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සඳහන් කරයි.

ෆේස්බුක් ඔස්සේ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

“නුවන් කුලසේකර ජාත්‍යන්තර පිටියෙන් සමුගත්තා. මගෙත් එක්ක අවුරුදු 12ක් 13ක් එකට ක්‍රීඩා කලා.  ජාත්‍යන්තර ක්‍රිකට් මාව පිළගන්නවා කඩුලු ලබාගන්නා පන්දු යවන්නෙක් ලෙසට.

ඒ දේට සියයට 90කම සහාය ලැබුණේ නුවන් කුලසේකරගෙන්. ඒ ගැන මට ගොඩක් සතුටුයි. මම ස්තූතිවන්ත වෙනවා කුලේ.

ඔයා පන්දුවාර පහක් හයක් එක දිගට ලකුණු නැතිව පළමු පන්දුවාර 10 තුළදී යවන එක මම කඩුලු ලබාගන්නා පන්දු යවන්නෙක් විදිහට ජාත්‍යන්තරය පිළිගන්න ගොඩක් උදව් වුණා.

ඔයා සමුගත්තා මට එතනට එන්න බැරිවුණා. මොකද මට පුහුණුවීම් කටයුතු තිබුණා. අපි දෙන්නා කොහොමද 2014 ලෝක කුසලාන තරගාවලියේදී අන්තිම පන්දුවාර 4 යවන්න සැලසුම් කළේ,කොහොමද පුහුණු වුණේ, අපි දෙන්නා අලුත්ම කලාවක් හඳුන්වා දුන්නා. ඒ ගැන ගොඩක් සතුටුයි.

ඒ වගේම එංගලන්තයේදී, ඔස්ට්‍රේලියාවේදී අපි අවසන් පන්දුවාර දෙක යැව්වේ කොහොමද ඒවා ගොඩක් සතුටු දේවල්.

මම 26 දා සමුගන්නවා. අපි දෙන්නම එකම කාලයට ඇවිල්ලා එකම කාලයේ යනවා. ඒක නිසා මම බලාපොරෝත්තුවෙනවා කුලෙත් මගේ සමුගැනීමේ තරගයට නරඹන්නෙක් ලෙස හෝ මගේ අවසන් තරගය බලන්න සහභාගිවෙයි කියලා. 

ඒක නිසා අපි දෙන්නගේම කාලය ඉවරයි. කුලේට ගොඩක් ස්තූතියි.ඔහු ජාත්‍යන්තරයේ අංක එකේ පන්දු යවන්නා වුණා. ඔහු දක්ෂතාවය පෙන්වා රට දිනවලා තිබෙනවා. දක්ෂ ක්‍රීඩකයෙක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තා.කුලේව නැවතත් පුහුණුකරුවෙක් ලෙස හෝ දකින්න අවස්ථාවක් ලැබේවි කියා බලාපොරොත්තු වෙනවා.”

Related posts

පාච රණවක අත්අඩංගුවට ගත්තේ රිය අනතුරකට නොවේ – නීතිඥ උදය ගම්මන්පිල

colombotoday

යාපනයේ කෝවිල් පූජාවට පැමිණි 17 ක් අත්අඩංගුවට

colombotoday

ජනපති – අගමැති සීතල ගැටුම තව දුර යයි.. ජනපති කැබිනට් වර්ජනයකට සැරසේ !

colombotoday

ගෑස් සිලින්ඩර් ගිනි ගැනීම් ගැන විමර්ශනයට පත් කළ ජනපති කමිටුව රැස්වෙයි

colombotoday

අධිකරණයට අපහාස කලා යැයි වෛද්‍ය පාදෙණිය ට එරෙහි පැමිණිල්ලට අදාළ ලිඛිත දේශන කැඳවීම මැයි මස 10 වන දා

colombotoday

හෙරොයින් කිලෝ 7ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday