විපක්ෂය නියෝජනය කරන ශ්රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් හයදෙනකු අයවැයට පක්ෂව අද (02 දා) ඡන්දය ලබාදීමට නියමිත බව ආණ්ඩුවේ ආරංචි මාර්ග කියා සිටී.
අයවැයට පක්ෂව ඡන්දය දීමට පෙර ඔවුන් අද ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්රමසිංහ යන මහත්වරුන් හමු වී ඒ බව දන්වා ආණ්ඩුවේ වැඩපිළිවෙළට සහය ලබාදෙන ආකාරය පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිත බව පැවසේ.
මෙම මන්ත්රීවරුන් ආණ්ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව මේ වන විටත් ප්රකාශ කොට ඇති බවත් වාර්තා වේ.