Colombo Today Local News

මහින්ද සමරසිංහගේ ශ්‍රීනිප සාමාජිකත්වය ද කළුතර දිස්ත්‍රික් සංවිධායක ධුරයද අහෝසි කරයි

හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තිබේ.

ඊයේ(19) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසා ඇත.

ඊට අමතරව මහින්ද සමරසිංහ මහතා ශ්‍රී.නි.ප කළුතර දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් ද ඉවත් කර තිබේ.

පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම හා දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන ලිපිය අද දිනයේ මහින්ද සමරසිංහ මහතා වෙත යොමු කිරීමට පියවර ගත් බවයි දයාසිරි ජයසේකර මහලේකම්වරයා පැවසුවේය.

Related posts

ඥාණසාර හිමි ඇප මත නිදහස්

colombotoday

බොදු බල සේනා මාධ්‍ය හමුව සජීවීව

colombotoday

අප්‍රේල් 03 දා විරෝධතාව පිටුපස සැඟවුණු න්‍යාය පත්‍රයක්. අරාබි වසන්තයේ ශ්‍රී ලංකා සංස්කරණයට ගොදුරු වන්න එපා! – ජාතික නිදහස් පෙරමුණ

colombotoday

විනය විරෝධීව හැසිරෙන භික්ෂූන් සසුනෙන් නෙරපන්න නෛතික බලය ඉල්ලයි

colombotoday

ජනපති අද විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවයි

colombotoday

ඉන්දියාවේන් එන අයට කටුනායක දොරත් වැසෙයි

colombotoday