Colombo Today Local News

භික්ෂූන් සහ හමුදාව උතුර සිංහලකරණය කිරීම වහා නවතනු

වවුනියාවේ නෙඩුන්කේණී ප්‍රදේශයේ පිහිටි පාරම්පරික දෙමළ ගම්මාන බෞද්ධ භික්ෂූන් වහන්සේ හා ආරක්ෂක අංශ එක්ව සිංහල ජනපද බවට පත් කිරීම වහාම නතර කළ යුතුව ඇතැයි දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.

යුද සමයේදී මේ පාරම්පරික දෙමළ ගම්මානවල ජීවත් වූ ජනතාව ආරක්ෂාව පතා වෙනත් පළාත්වලට ගොස් ආපසු පැමිණ බලන විට ඔවුන්ගේ ගම්මානවල නම් සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බව දෙමළ ජාතික සන්ධානය කියා සිටියි.

වවුනියාවේ නෙඩුන්කේණී ප්‍රදේශයේ කාච්චල් සමලන්කුලම් යනුවෙන් හැඳින්වූ ගම්මානය ආරක්ෂක අංශ හා බෞද්ධ භික්ෂූන් වහන්සේ එක්ව සපුමල්ගස් කඩ වශයෙන් හඳුන්වා නාම් පුවරු පවා සවිකොට ඇති බව පවසන දෙමළ ජාතික සන්ධානය මේ තත්ත්වය නිසා පාරම්පරික දෙමළ වැසියෝ දැඩි අපහසුතාවකට පත්ව සිටින බව කියා සිටියි.

මෙම ගම්මානය පමණක් නොව මේ පළාතේ ගම්මාන රැසක් නම් වෙනස් කොට ඇති බව කියන දෙමළ ජාතික සන්ධානය එම නම් තැපැල් කාර්යාලවල ගොවිජන සේවා මධ්‍යස්ථානවල පවා ලියාපදිංචි කොට තිබීම ඉතා බරපතල වරදක් බව ද කියා සිටියි.


Related posts

විජයකලාගේ ප්‍රකාශය අනවශ්‍ය දෙයක් – එජාප උප නායක රවී කරුණානායක

colombotoday

උද්දිකගේ පුරප්පාඩුවට එස්. සී. මුතුකුමාරණ

Admin

“මට ඇපල් ෆෝන් එකේ පාස්වර්ඩ් මතක නෑ” – බැදුම්කර බෑණා තවත් වංගුවක් දමයි !

colombotoday

මේ වසරේ සංවර්ධන සැලසුම් 29ක් ගැසට් කරන්න යයි

Admin

අපේ ආණ්ඩුව ඇවිත් මාස තුනෙන් මහ හොරකමක් කළ බව ලෝකෙම පිළිගන්නවා… රන්ජන් තිත්ත ඇත්ත කියයි

colombotoday

හකීම් පසුපස අලි ෂබ්රිත් යයි – කලකිරීමෙන් බවත් කියයි. – මුස්ලිම් දේහයන් ආදාහනය ගැන අදහස කියයි.

colombotoday