බොදු බල සේනා සංවිධානය සංවිධානය කරන මාතලේ දිස්ත්රික් බොදු සමුළුව හෙට (25) ඉරිදා නාඋල මහජන ක්රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.
කෙසේ වෙතත් ප්රදේශය නියෝජනය කරන දේශපාලකයන් තම ආදාරකරුවන්ට මෙම සමුළුවට සහභාගී නොවන ලෙස දන්වා ඇතැයි ප්රදේශයේ භික්ෂූන් වහන්සේලා පවසති. විශේෂයෙන්ම දඹුල්ල ප්රදේශයේ භික්ෂුන් වහන්සේලාට පවා මෙම සමුළුවට සහභාගී නොවන ලෙස පාර්ලිමේන්තු මන්ත්රී ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසා ඇති බව ද වාර්තා වේ.