Colombo Today Local News

බුදු රුව සලකුණු කල කොණ්ඩ කපන මැෂින් සතිපොළක

බුදුරජාණන් වහන්සේගේ රූපය නවීන මාදිලියේ කොන්ඩෙ කපන මැෂින් කීපයක සලකුණු කර ඒවා අලෙවිය සඳහා තබා තිබියදී සැකකාර පුද්ගලයකු සමඟ මැෂින් කිහිපයක් අත්අඩංගුවට ගත් බව මීගමුව පොලිසියේ විශේෂ කාර්යාංශය පවසනවා.

ආගමික ශාස්තෘවරුන්ගේ රුව වෙළෙඳ භාණ්ඩවල ඇතුළත් කොට අලෙවි කිරීම නීතියෙන් තහනම් කර තිබියදී එලෙස බුදුරජාණන් වහන්සේගේ රූපය වෙළෙඳ භාණ්ඩවල සටහන් කිරීම අලෙවියට තැබීම නීතියෙන් තහනම් බව පොලිසිය සඳහන් කරයි.

මීගමුවේ සතිපොළක මෙලෙස මැෂින් තොගයක් ප්‍රදර්ශනය කරමින් අලෙවියට තබා තිබියදී ලැබුණු තොරතුරක් අනුව මීගමුව පොලිසියේ විශේෂ කාර්යාංශයේ පොලිස් පරීක්ෂක අබේසේකර හා නිලධාරින් මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.

Related posts

අහංගම මුහුදු වෙරළේ තරුණයෙකුගේ මළසිරුරක්

colombotoday

පෙට්‍රල් නෑ කියල කෑලි යන්න බනින්නේ මට.. ෂෙඩ්වලට පෙට්‍රල් බෙදන්නෙ මමද – ජනපති අසයි

colombotoday

තවත් ගැලවෙන්න රෙදි නෑ.. අපි දැන් ඉන්නේ හෙළුවෙන් – ආචාර්ය නිර්මාල්

colombotoday

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Admin

ටෙන්ඩ‍ර් ප්‍රශ්නයක් නිසා ඉදිරියට ගෑස් ගැටළුවක්?

Admin

එජාප අපේක්ෂකයා දිණුවයි කියා ආධාරකරුවෝ ජය සමරති.. හූ තබමින් මහ පාරේ යකා නටති (Video)

colombotoday