Colombo Today Local News

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ආපසු ගෙන්වූ හේතුව හමුදාපති කියයි !

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබද උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකාවට ගෙන්වූයේ ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් යැයි යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.

යුද හමුදාපතිවරයා මේ බව පැවසුවේ අද(24) වව්නියාව, වන්නි ආරක්ෂක සේනා 56 සේනාංකයේ නව කාර්යාල සංකීර්ණය වීවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මාධ්‍යට අදහස් දක්වමින් යුදහමුදාපති වරයා මෙසේද කියා සිටියේය.

‘රටේ යුද හමුදාපති හැටියට ඒ නිලධාරියාගේ ආරක්ෂාවට මම වගකියන්න ඕන මේ නිලධාරියා වෙනත් රටක ඒ රටේ නීති පද්ධතියට යටත්ව රාජකාරි කරන අතරේදී යුදහමුදාපති හැටියට හෝ වෙනත් අධිකරණයක විශ්වාසය තියන්න බැහැ ඔහුගේ ආරක්ෂාව තහවුරු වෙයි කියලා.“

“ඒ ගැන සාකච්ඡා කරන්න මම ඔහුට එන්න කිව්වා. ඔහු දැන් ඇවිල්ල ඉන්නවා. දැන් මම ඉන්නේ කොළඹින් පිට. නමුත් මම ඉදිරියේදී ඔහුත් සමග සාකච්ඡා කරනවා“

ඔහු කරපු දේ හරිද වැරිද කියල තීරණය කළ යුතුව ඇත්තේ වෙනම කෙනෙක්. නමුත් ඒ නිලධාරියා මෙහෙ ඇවිත් ඉන්නේ ඔහුගේ කාලය ඉවර වෙලා නෙමෙයි. අපි සාකච්ඡා කරන්නේ ඔහුගේ ආරක්ෂාව කොහොමද අපි සපයන්නේ කියලයි. ඒ වගේම මේ අවස්ථාවේදී ඒ සිද්දියෙන් අයින්වෙලා ඉන්න එක සුදුසුයි කියා මම හිතනවා“

“ඒ වගේම කනගාටු වෙනවා, මේ රටේ ජනතාව අනවශ්‍ය බියකට මේක කාරණාවක් කරගෙන තියන එක ගැන. මේ වගේ සිද්ධි ඕන තරම් වෙලා තියනවා නමුත් රණවිරුවන් දඩමීමා කරගත නොගත යුතුයි. මේ රටේ පාලනය නෙමෙයි මේක කරන්නේ. මේක එක්තරා සිදුවීමක් විතරයි“

Related posts

සති අන්තයේ කොළඹට පැය 16ක ජල කප්පාදුවක්

colombotoday

ප්‍රබල අකුණු ඇතිවීමේ අවවාදාත්මක්

colombotoday

වන්දි ලබාගන්න කඩිනමින් නඩු පවරන්නැයි ජනපතිගෙන් උපදෙස්

Admin

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නඩුව සිංගප්පූරු අධිකරණයට!

Admin

හිටපු හමුදාපති, ජාතික ජනතා පක්ෂයෙන් ජනාධිපතිවරණයට !

colombotoday

CEPA විරෝධයට අගමැති කළ අපහාසය තොරතුරු තාක්ෂණ වෘත්තිකයෝ හෙළාදකී

colombotoday