Colombo Today Local News

බ්‍රැන්ඩික්ස් සේවකයින්ට ලබා දුන් කාලය අවසන්.. සැඟවී සිටින අය අද සිට අත්අඩංගුවට – අජිත් රෝහණ

නිරෝධායන නියෝග උල්ලංඝනය කරමින් පොලිසිය දැනුම්දුන් ස්ථාන වෙත නොපැමිණි මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතන සාමාජිකයන් අද (09) දින සිට අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.

මෙම සේවිකාවන් සඳහා ස්ථාන කිහිපයක් නම් කොට වහාම එම ස්ථාන වෙත පැමිණෙන ලෙසට ඊයේ (08) දින සහ පෙරේදා (07)දින යන දෙදින ලබාදී තිබූ අතර, එසේ නොපැමිණි අය මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලේ.

නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ ප්‍රතිපාදනයන්ට සහ පොලිස් දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති ප්‍රකාරව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකිරීම සඳහා පොලිසියට බලය ඇති බවද ඔවුනට එරෙහිව අධිකරණයේ නඩු පැවැරිය හැකි බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

Related posts

හිරිපිටිය රෝහලේ ඖෂධ ගබඩාව ගිනි ගනියි

colombotoday

ජනපති සන්නද්ධ හමුදා කැඳවයි

Admin

එළවලු මැස්සක් උඩ කපා කොටා දැමූ පුද්ගල මළ සිරුරක්

colombotoday

උසස්පෙල උත්තරපත්‍ර සමීක්ශන පිලිබද තීරණයක්

Admin

හෝමාගම මහේස්ත්‍රාත්ගෙන් රනිල්ට කනේ පහරක්

colombotoday

“නව ව්‍යවස්ථාවෙන් මීට වඩා බලය බෙදීමක් ලැබේවි“ – සම්බන්ධන්

colombotoday