Colombo Today Local News

බස් වර්ජන අඛණ්ඩව – දුම්රිය වර්ජනය අතහරියි

තමන් ආරම්භ කළ වැඩ වර්ජනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත් වී නිසි විසඳුම් ලබා දෙනතුරු අත්නොහරින බව පෞද්ගලික බස්රථ සේවක සංගමය පවසනවා. එම සංගමය වෙනුවෙන්, ප්‍රධාන සංවිධායක යූ.කේ. කුමාරරත්න රේණුක මහතා මේ බව පැවසීය.

කෙසේවෙතත් එළැඹෙන අවුරුදු සමය වෙනුවෙන් අගනුවර සිට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් ලංගම බස් රථ 1500ක් සහ පෞද්ගලික බස් රථ 600ක් ධාවනයට සුදානම් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේ.

ඊට අමතරව කාල සටහන් මත බස් රථ 1350ක් ද සුදානම් කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් පළාත්බදව දෛනිකව ධාවනය කළ යුතු බස් රථ සංඛ්‍යාව 6000ක් වුව ද විවිධ කරුණු සැලකිමේදී ධාවනය කළ හැකි බස් රථ සංඛ්‍යාව 5400ක් පමණ වන බවයි එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

එසේ වුව ද එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් උපරිම බස් රථ සංඛ්‍යාවක් ධාවනයේ යෙදවීමට ද කටයුතු යොදා ඇති බව සඳහන්.

මේ අතර අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඊයේ පස්වරුවේ ප්‍රවාහන අමාත්‍යවරයා සහ දුම්රිය බලධාරීන් සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව එම වර්ජනය තාවකාලිකව අත්හිටවු බවයි දුම්රිය එන්ජින් රියදුරුන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා කියා සිටියේ.

Related posts

වරාය ගිවිසුම ස්ථීරයි.. අර්ජුණගේ වරාය ඇමතිකම අනතුරේ !!

colombotoday

තුනී පොලිතීන් අද පටන් තහනම්… අහුවුණොත් දඩ

colombotoday

ඉදිරි මාස හතරේදී රුපියල තවත් කඩා වැටෙයි – මුදල් ඇමති

colombotoday

මධූෂ්ගේ අනියම් බිරිඳට අයත් වාහන දෙකක් STF භාරයට

colombotoday

විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේට කොවිඩ්

colombotoday

‍ගංජා ප්‍රවාහනය කළ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday