Colombo Today Local News

බදුරලියේ පාසලක අත්බෝම්බ 13ක්…

බදුරලියේ විදුහලක ගොඩනැගිල්ලක් අසළ තිබී අත් බෝම්බ 13 ක් සොයාගෙන ඇත.
 
විදුහලේ ගොඩනැගිල්ලක් අසල තිබු පාර්සලයක් පිළිබඳව එහි මුරකරු විසින් පරීක්ෂා කිරීමේදී  මෙය හමු වී ඇත.
 
විදුහලේ මුරකරු ඊයේ රාත්‍රී ආහාර ගැනීමට ගොස් පැමිණෙන විට මෙම සැක කටයුතු පාර්සලය තිබී පරීක්ෂා කිරීමේදී මෙම බෝම්බ සොයාගෙන ඇත.එම අවස්ථාවේ තවත් දෙදෙනෙකුද විදුහලේ ආරක්ෂාවට රැදී  සිට ඇත.
 
මුරකරු  මේ පිළිබඳව විදුහල්පතිවරයා දැනුවත් කිරීමෙන් පසුව විදුහල්පති වරයා විසින් බදුරලිය පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව එහි පැමිණි යුදහමුදා නිලධාරීන් එම බෝම්බ පාසල් පරිශ්‍රයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.
බදුරලිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂන පවත්වයි.

Related posts

පාසල් පෙළපොත්වලට තමන්ගේ මුණ ඔබා ගත් ඇමති අකිල විරාජ්ට නොතීසි

colombotoday

ප්‍රමුඛතා අනුපිළිවෙලට බස්නාහිර පළාතේ රෝහල් 6කදී එන්නත්කරණය අදින් ඇරඹේ

colombotoday

කඩුවෙල ප්‍රදේශයේ කාන්තාවකටද කොරෝනා

colombotoday

උතුරු පයාගලදී පුද්ගලයකු කපා ඝාතනය කරයි

colombotoday

ගොයම කහ පැහැ ගැන්වූ ප්‍රදේශවලට පර්යේෂණ කණ්ඩායම්

Admin

“කොරෝනා මර්දනය කරන අතරම රටේ අභ්‍යන්තර ආරක්ෂාව ගැනත් බලන්න”

colombotoday