Colombo Today Local News

තමා අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලා මධුමාධවගෙන් පෙත්සමක්

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවු කලහකාරී සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ උප නායක මධුමාධව අරවින්ද මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස මිනුවන්ගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා, බස්නාහිර පළාත් උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා නම් කර ඇත.

මධුමාධව අරවින්ද මහතා කියා සිටින්නේ ඉකුත්දා මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී ඇතිවූ කලහාකාරී සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සූදානම් වන බවයි.

මෙම සිද්ධියට අදාළව තමාට එරෙහිව පොලීසිය විසින් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තමන්ගේ විදේශ ගමන් තහනමක් ලබා ගෙන ඇති අතර සිය දුරකථන ඇමතුම් විස්තර වාර්තාවක් ලබාගෙන ඇති බවද මධුමාධව අරවින්ද මහතා කියා සිටියේය.

එමෙන්ම තමාට එරෙහිව පොලීසිය විසින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ කරුණු වාර්තා කර ඇති බව ඔහු සිය පෙත්සමෙන් දන්වා ඇත.

මෙම සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කාර මධුමාධව අරවින්ද මහතා තමා මෙම කලහකාරී සිද්ධියට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැති බවද සඳහන් කර ඇත.

මෙම වාතාවරණය මත තමන්ව සාධාරණ පදනමක් නොමැතිව ද්වේෂ සහගත ලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවත් එසේ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් පොලීසිය වෙත නිකුත් කරන ලෙසත් මධුමාධව අරවින්ද මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

Related posts

හියුමන් රයිට්ස් වොච් සංවිධානයෙන් ලංකාවට චෝදනා

colombotoday

තවත් ලාංකික කොරෝනා රෝගීන් තිදෙනෙකු හදුනාගනී…

colombotoday

මෙමරි කාඩ්පත නැවත ලබා දෙන්නට අල්ලස් ගත් නාකොටික් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

colombotoday

කොරෝනා ආසාදිතයින් ගණන 1717 දක්වා ඉහලට

colombotoday

පොහොට්ටුව අලියගෙ පස්ස පැත්තේ ගහලා… රනිල් පාඩම් ඉගෙන ගන්නෙ මේ පාර තමයි..

colombotoday

අපිව මරන්න එන ගෝඨාභය පරාජය කරනවාමයි – චමීර පෙරේරා

colombotoday