Colombo Today Local News

බදියුදීන්ගේ පෙත්සම- ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙන් විනිසුරුවෙක් ඉවත්වෙයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේ දී එක් විනිසුරුවරයෙකු ඉවත්වීම නිසා එය සළකා බැලීම අගෝස්තු මස 7 වන දා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

එම පෙත්සම අද (27)දින ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී. බී. දෙහිදෙනිය සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා විවෘත අධිකරණය සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත තමා මෙම පෙත්සම සළකා බැලීමෙන් ඉවත් වන බවය.

ඒ අනුව පෙත්සම සලකා බැලීම වෙනත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අගෝස්තු මස 7 වනදා කැඳවීමට නියම කෙරුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.

Related posts

අමල් ඇතුළු 18ක් කොකේන් පාවිච්චි කරලා… තවත් 8ක් ළග කොකේන් තිබිලා – ඩුබායි පොලිසිය තහවුරු කරයි

colombotoday

පූජිත් ඔයා මේ එන්.ටී.ජේ සහරාන් ගැන මීට පස්සේ සොයන්න එපා – හිටපු ජනපති මෛත්‍රී පැවසු බව හේමසිරි කියයි

colombotoday

මහ ජනකායක් පිරිවරා ශ්‍රී දළදා මළුවේ අධිෂ්ඨාන පූජාව ඇරඹේ (LIVE VIDEO)

colombotoday

රන්ජන්ගේ නැතිවූ උණ්ඩ 23ට සිදුවූ දෙය පොලීසිය සොයයි

colombotoday

ඇලෝසියස්ට, පලිසේනට ඇප දෙනවාද නැද්ද තීරණය ඡන්දෙන් පසු

colombotoday

නව විදේශ තානාපතිවරු දෙදෙනෙක් ජනපතිට අක්ත පත්‍ර බාර දෙති

colombotoday