Colombo Today Local News

බදියුදීන් හා අසාද් සාලි සහාය දෙන ජනපති අපේක්ෂකයෙකුට සහාය දෙන්නේ නෑ – උදය ගම්මන්පිල

රිෂාඩ් බදියුදීන් හා අසාද් සාලි සහාය ලබාදෙන ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකුට තමන් සහාය නොදෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (13දා) පැවසීය.

අන්තවාදීන් සුළු පිරිසකට මේ රට නටවන්න හැකිවී ඇත්තේ සිංහලයා දෙකට බෙදී ආණ්ඩු නිර්මාණය කිරීමට අන්තවාදීන් වන්දනා කරන නිසායැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා,

“ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් අන්තවාදය ත්‍රස්තවාදයක් බවට පෙරලී පාස්කු ඉරිදා මහ විනාශය සිදු කරන තෙක් එය පෝෂණය කිරීමට ඍජුවම වගකිවයුතු දේශපාලකයන් දෙදෙනෙකු අපි හඳුනා ගෙන තිබෙනවා.ඒ තමයි රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා සහ අසාද් සාලි ආණ්ඩුකාරවරයා.අන්තවාදීන් සුළු පිරිසකට මේ රට නටවන්න, රිදවන්න, සොලවන්න පුළුවන් වෙලා තිබෙන්නේ සිංහලයා දෙකට බෙදිලා ආණ්ඩු හදන්න අන්තවාදීන් වන්දනා කරන නිසා.ඒ නිසා පිවිතුරු හෙළඋරුමය මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගත්තා.ඒ අනුව රිෂාඩ් බදියුදීන් හෝඅසාද් සාලිගේ සහාය ලබන කිසිම ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකුට පිවිතුරු හෙළ උරුමයේ සහාය ලබා දෙන්නේ නෑ කියන තීන්දුව අපි ගත්තා.අපි කෙතරම් ප්‍රිය කරන, ගරු කරන අපේක්‍ෂකයෙකු වුවත් මුස්ලිම් අන්තවාදීන්ගේ සහාය ලබනවා නම්, ඒ අපේක්‍ෂකයාට අපේ සහාය ලබා දෙන්නේ නෑ.

දැන් අපෙන් අසාවි.නම් දෙකක් විතරද? අර නම නැත්තේ ඇයි? මේ නම නැත්තේ ඇයි? කියලා.ෆේස්බුක් එකේ පෝස්ට් දාන හැඟීම් බර තරුණයෙකු විධියට වගකිව යුතු දේශපාලන පක්‍ෂයකට හැසිරෙන්න බෑ. අපි නම් ගණනාවක් සලකළා මුස්ලිම් අන්තවාදය පෝෂණය කළ බවට නිශ්චිත සාක්ෂි තිබෙන, අත්අඩංගුවට ගැනීමට තරම් මේ අපරාධයට සම්බන්ධ බවට තොරතුරු තිබෙන පුද්ගලයන් පමණයි අප නම් කළේ.ඔබට තව තියෙනවා නම් තොරතුරු අපට ලබාදෙන්න. අපිලෑස්තියි මේ ලැයිස්තුව ඕනෑම වෙලාවක දිගු කරන්න. ඒකට මේ ලැයිස්තුව විවෘතයි.මේ ලැයිස්තුවේ ආරම්භය පමණයි.

අපි දීර්ඝ කාලයක් මේ රටේ දෙමළ බෙදුම්වාදය සහ ඉස්ලාම් අන්තවාදය පිළිබඳ අනතුරු ඇඟෙව්වා. එදා සතුරු පිලේ මෙන්ම මිතුරු පිලේ අයද අපිව දැක්කෙ අන්තවාදීන් විදියටයි. අද අපි කිව්ව දේවල් මහපොළොවේ ඇත්ත බවට පත්වෙලා ජාතියේම ඇස් ඇරිලා තියෙනවා. රට රත් වෙලා තියෙනවා.හැබැයි මේ රටේ ජනතාව පිළිබඳ අපට තියෙන අත්දැකීම් අනුව නම් දැන් මේ රත් වීම ඉතා ඉක්මනින් සිසිල් වේගෙන යනවා. තව ටික කලකින් පාස්කු ඉරිදා බෝම්බය කිව්වම මොන පාස්කු ඉරිදා බෝම්බයේද කියලා වුණත් අහන්න ඉඩ තියෙනවා. වේළුපිල්ලේ පිරිබාහරන් නම් කිව්වේ සිංහලයාගේ මතකය සති දෙකයි කියලා. දැන් සති තුනක් ගෙවිලා හමාරයි.අපි ඉන්නේ භයානක අවධියකට පත්වෙලා. ” යනුවෙන් පවසා සිටියේය.

Related posts

“අක්බාර්ටවුන්” යළි “එඩෙරමුල්ල” කරන්න ප්‍රතිපාදන නෑ – ෆයිසර්ගේ අමාත්‍යාංශය නිවේදනය කරයි

colombotoday

අලුත්ම නාඩගම මෙන්න. ලංකාවේ සංචාරක කර්මාන්තයට තවුහිඩ් ජමාත් මොහොමඩ්ගෙන් “හලාල් ටුවර්ස්”

colombotoday

ඉන්දියාවෙන් දුම්රිය එන්ජින් 10ක ණය ආධාරයක්

Admin

නව ව්‍යවස්‌ථාව නිරීක්‍ෂණයට ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් අද දිවයිනට

colombotoday

නීතිපතිගේ විරෝධය ප්‍රතික්ෂේපයි. බැසිල් පත්කිරීමට එරෙහි පෙත්සම සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

colombotoday

එජාප – ශ්‍රීලනිප මත ගැටුම උග්‍ර වේ.. අලුත් ව්‍යවස්ථාව නවතී ?

colombotoday