Colombo Today Local News

පොලීසියේ කණ්ඩායමකට පහරදුන් අටලුගම පිරිස බන්ධනාගාරගත කෙරේ

බණ්ඩාරගම, අටලුගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරියන් හා සැකකරුවන් 05 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ එම සැකකරුවන් ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇ‍ත.

අත්අඩංගුවට ගත් බාලයවස්කාර දැරියක් පරිවාස බාරයට පත්කිරීමට නියෝග කර ඇත.

ඊයේ (09)දින පෙරවරුවේ බණ්ඩාරගම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ගංජා ජාවාරමකට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අටලුගම, මාරාව ප්‍රදේශයේ නිවසක වැටලීමක් සිදුකර තිබූ අතර එහිදී එම නිවසේ සිටි පිරිසක් කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරීන්ට පහරදී රාජකාරියට බාධා කර තිබුණි.

පහරකෑමට ලක්වූ උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු, කාන්තා සැරයන්වරියක් සහ කාන්තා කොස්තාපල්වරියක් තුවාල ලැබූ බව පොලිසිය සඳහන් කළේය.

සිද්ධියට අදාළව ඊයේ කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඊයේ රාත්‍රියේ තවත් දෙදෙනෙකු පොලීසියට බාරවී තිබුණි.

Related posts

කොරෝනා ආසාදිතව රෝහල්ගත වන ළමුන්ගේ ඉහල යාමක්

colombotoday

ශීඝ්‍රගාමී දුම්රියක් පීලිපනී ප්‍රධාන. මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

colombotoday

පසුගියදා කැබිනෙට්ටුවෙ තිබුණ නාට්‍ය මරේ මරු

colombotoday

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළට

colombotoday

Breaking News : දුමින්ද සිල්වා බන්ධනාගාරයෙන් පිටව යයි.

colombotoday

ශ්‍රීලනිපය කඩන්න ඒකාබද්ධ විපක්ෂෙට ඉඩදෙන්නෑ.. ඇමතිකම ගත්තේ පඩි අරන් නිකං ඉන්න බැරිකමට

colombotoday