පොලිස්පතිවරයාගේ නිර්දේශය මත ජාතික පොලිස් කොමිසන් සභාව විසින් පොලිස් නිලධාරීවරුන් කිහිපදෙනෙකුගේ ස්ථාන මාරු කිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.
නියෝජ්‍ය පොලිස්පතිවරු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු,පොලිස් අධිකාරීවරු ඇතුළු නිලධාරීන් 8 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරු ලබා දී ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.
නියෝජ්‍ය පොලිස්පති එල්.එච් .ජී .කුරේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම්.සමන් යටවර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.එම්.එච්.බුද්ධික සිරිවර්ධන, පොලිස් අධිකාරී එල්.කේ .ඩී අනිල් ප්‍රියන්ත, පොලිස් අධිකාරී එම්.ඩී.ඩබ්.බී.ඒ.ඩබ්.ජී.ආර්.බී.එච්.ඩබ්.ඒ.බී.හක්මන, පොලිස් අධිකාරී එම්.එන්.එස්.මෙන්ඩිස්, පොලිස් අධිකාරී ඒ.ජී.යූ.සි.හේරත්, පොලිස් අධිකාරී ඩබ්.එම්.ඒ.රොහාන් ප්‍රනාන්දු