Colombo Today Local News

හොර රහසේ අත්සන් කළ කෙරවලපිටිය ගිවිසුම අහෝසි නොකළොත් රටම අඳුරේ – හෙට ප‍්‍රදේශ 19ක විරෝධතා

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් සියයට හතරක් ඇමෙරිකානු සමාගමට පැවරීම සම්බන්ධයෙන් ගිවිසුම අහෝසි නොකරන්නේ නම් ලබන 03 වැනිදායින් පසු දිවයින පුරා විදුලි වර්ජනයක් ක‍්‍රියාත්මක කරන බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය කියයි.

එහිදී රටම අඳුරට පත්කරන්නට විදුලි සේවක වර්ජනයක් ක‍්‍රියාත්මක කරන බවද ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා ඊයේ (27)දින පැවසීය.

ආණ්ඩුව මුළු රටේම සම්පත් විකුණන්න පටන් අරන් තිබෙන බවත් රටේ අනාගත විදුලි ජනනය හා එහි පාලන බලය ඇමෙරිකානු සමාගමට ලබාදීමට ගිවිසුම් අත්සන් කිරීම ජාතික ආරක්‍ෂාවටත් බරපතළ අනතුරක් බවත් ඒ මහතා ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ජාතික සම්පත් විකිණීමට එරෙහිව ගෙනයන අරගලයට සහය ලබාගැනීම සඳහා මේ වනවිට ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්‍ෂ 11ක නියෝජිතයින්, ආගමික නායකයින් දැනුවත් කර තිබෙන බවත් ජයලාල් මහතා කීවේය.

හොර රහසේ අත්සන් කළ කෙරවලපිටිය ගිවිසුම අහෝසි කරන ලෙස හෙට (29)දින දිවයිනේ ප‍්‍රදේශ 19ක පෙරවරු 11.30 සිට දහවල් 12.00 දක්වා උද්ඝෝෂණ විරෝධතා පවත්වන බවත් අනතුරුව ජනාධිපතිවරයාට ලබාදීම සඳහා පෙත්සමක් අත්සන් කරන බවත් ඔහු කීය.

අනතුරුව නොවැම්බර් 03 වැනිදා ලංවිම ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිට සහ රටපුරා විදුලි සේවකයින්ගේ සහභාගීත්වයෙන් දහවල් 12.00ට විරෝධතාවයක් පවත්වන බවත් ඉන්පසු වැඩ වර්ජනය කරන දිනය තීරණය කරන බවත් ජයලාල් මහතා කීය. මේ සඳහා විදුලි ඉංජිනේරු සංගමය ඇතුළු සියලූ වෘත්තීය සමිතිවල සහය ලැබෙන බවද ඔහු කීය.

රටක විදුලි රැහැන් පද්ධතිය යනු ශරීරයේ ස්නායු පද්ධතිය හා සමාන බවත් එය රැකගැනීම සඳහා දිවි හිමියෙන් විදුලි සේවකයින් ආරම්භ කරන වැඩ වර්ජනයට වරාය, තෙල් ඇතුළු වෘත්තීය සමිති රැසක සහය ලැබෙන බවත් ජයලාල් මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

පළාත් සභා මැතිවරණය එපා – පො.ජ.පෙ.න් යෝජනාවක්

colombotoday

ජනාධිපතිවරණය 2019 කැදවයි.. ශ්‍රීලනිප අපේක්ෂකයා ජනපති මෛත්‍රීමයි.. විශ්‍රාම යන්නෑ කීවේ ඒකයි

colombotoday

යාලට එන අයට ගිමන් නිවන තැනක්

Admin

වහාම පාර්ලිමේන්තුව කැදවන්න… ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ජනපති මෛත්‍රීට දන්වයි

colombotoday

උපවාසයේ නියුතු හිමිනම එම ස්ථානයේම අපවත් කරවීමේ සැලසුමක්… උපවාසය අත්නොහරින්නැයි දැඩි බලපෑම් !

colombotoday

ඇමති රිෂාඩ්ට පෙර පැවැති අමාත්‍යධුරයම

colombotoday