Colombo Today Local News

පොලිසියටත් වඩා සීඅයිඞීය දුර්වලයි – කොළඹ මහාධිකරණ විනිසුරු කියයි

බරපතළ අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ වගකීම පැවරී ඇති අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සෙසු විමර්ශන නිලධාරීන්ට වඩා කාර්යක්‍ෂම හා දැනුමක් ඇතිව කටයුතු කළ යුතුව ඇතත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පොලිසියටත් වඩා දුර්වල බව තම අධිකරණයට පෙනී යන්නේ යැයි කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (26දා) විවෘත අධිකරණය හමුවේදී ප‍්‍රකාශ කළේය.

2005 වසරේදී නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවකට අදාළ පැමිණිල්ලේ ලේඛන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ දක්වා අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් ඊයේ (26දා) දිනයට නියමිත නඩු විභාගය කල්දමන ලෙසට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ රියාස් බාරි මහතා ඉල්ලීමක් කළ අවස්ථාවේදී විනිසුරුවරයා එලෙස ප‍්‍රකාශ කළේය.

නඩුවක් විභාග කිරීමට දින නියම කර ඇති විටෙක අවශ්‍ය ලේඛන ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වගබලාගත යුතු බවත්, එලෙස නොකිරීම නිසා නඩු විභාගය කල්දැමීම මගින් විත්තියට අගතියක් සිදුවන බවත් විනිසුරුවරයා එහිදී පෙන්වා දුන් අතර නඩු විභාගය අද (27දා) දක්වා කල්තැබීමට නියෝග කළේය.

පසුගිය යුද සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානයට මූල්‍ය ආධාර ලබාදීම ඇතුළු අධිචෝදනා යටතේ දෙමළ පුනරුත්ථාපන සංවිධානයේ නිලධාරීන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණි.

Related posts

පළාත් 9ට සෞඛ්‍ය ප්‍රතිපත්ති 9ක්.. අලුත් ව්‍යවස්ථාවෙන් සෞඛ්‍ය සේවයත් අවුලෙන් අවුලට !

colombotoday

ඥාණසාර හිමි අත්අඩංගුවට ගන්න.. පක්ෂ විපක්ෂ මුස්ලිම් මැති ඇමතීන් එක්වී ජනපති හමුවෙයි

colombotoday

ආණ්ඩුවට පක්ෂ – විපක්ෂ ආධාරකරුවෝ දෙපිරිසක් ඇවිලෙයි

colombotoday

ගෙවුණු වසර තුළ විදේශ ආයෝජන 50%කින් පහළ බහැලා

colombotoday

විරෝධතා පැවැත්වීමට පැය 6 කට පෙර පොලිසියෙන් අනුමැතිය ලබා ලබාගත යුතුයි

colombotoday

පාසල් අධ්‍යාපනය වසරකින් අඩු කිරීමට යෝජනා වෙයි !

colombotoday