Colombo Today Local News

ඥාණසාර හිමි අත්අඩංගුවට ගන්න.. පක්ෂ විපක්ෂ මුස්ලිම් මැති ඇමතීන් එක්වී ජනපති හමුවෙයි

ght232356සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරු සහ ඇමතිවරු අද ජනාධිපතිවරයා මුණගැසීමට නියමිතව ඇත. මහම්මත් තුමාගේ උපන් දිනය සමරන අද දිනයේ ජනාධිපති මැදුරේ සංවිධානය කර ඇති විශේෂ උත්සවය අතරතුර මෙම හමුව සිදුවන බව ආරංචි මාර්ග සදහන් කරයි.

එහිදී සියළු මුස්ලිම් දේශපාලන පක්ෂ නියෝජිතයන් එක්ව, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වහාම අත්අඩංගුවට ගෙන බොදු බල සේනා සංවිධානය තහනම් කරන ලෙසත්, අනෙකුත් සංවිධාන සහ එහි ක්‍රියාකාරී භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන්ද වහාම ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් ජනපතිවරයාගෙන් ඉල්ලීමට සූදානම් වන බවද පැවසෙයි.

අලුත්ගම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සහ බොදු බල සේනා සංවිධානය තහනම් කිරීම යන පසුගිය ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දුව තවමත් ඉටුකර නොමැතිව තිබියදී එහිමියන් ජනාධිපති ලේකම්කාර්යාලයට ගෙන්වා සාකච්ඡා පැවැත්වීම පිළිබදව පක්ෂ විපක්ෂ මුස්ලිම් මැති ඇමතිවරු දැඩි ලෙස උරණව සිටින බවද පැවසේ.

අසාද් සාලි, මුජිබර් රහුමාන්, ඒ.එච්.එම් ෆවුසි යන මුස්ලිම් දේශාපාලකයන් ද ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගතයුතු බවට පසුගිය දින කිහිපයේදී ප්‍රකාශ නිකුත් කර තිබිණි.

පසුගිය නොවැම්බර් 1 වනදා මුස්ලිම් අක්‍රමණය පිලිබදව මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දැක්වූ ඥානසාර හිමි, මේ රටේ පුරාවිද්‍යා ස්ථාන ආක්‍රමණය කරමින් සිදු කෙරෙන විනාශය සිරිපාදයටත් දැන් අත්වී ඇති බවත්, බෞද්ධ සිද්ධස්ථාන තිබෙන ස්ථාන අක්‍රමණය කරමින් අල්ලා ගන්න “අල්ලා බුවල්ලෙක්දැයි” ප්‍රශ්න කර සිටියහ. එම ප්‍රකාශය මේ වන විට ඉංග්‍රීසි සහ අරාබි භාෂාවලට පරිවර්ථනය කර මුස්ලිම් රටවල් කිහිපයක ප්‍රචාරය කර ඇති බවද වාර්තා වේ.

Related posts

පොලිස් නිලධාරින් 19 කට ස්ථාන මාරුවීම්

colombotoday

ETI සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජික නාලක එදිරිසිංහ අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකා ජපාන අගමැතිවරුන් අතර ද්විපාර්ශික සාකච්ඡාව අද (04)

colombotoday

පළාත් පාලන මැතිවරණය ගැන අදත් මැතිවරණ කොමිසමේදී සාකච්ජාවක්

Admin

කොළඹ නගර සභා 150 උත්සවයේ වියමද කෝටි 7යි

colombotoday

දුම්රිය ගාස්තු 15%කින් ඉහළට…

colombotoday