අයිඑස් ත්රස්තයින්ට විරෝධය පළ කරමින් පුත්තලම මුස්ලිම්වරු 1000 ක් වීදි පුරා සංචාරය කර අයිඑස් ත්රස්තයින් විනාශ වන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා පුත්තලම කලපු තීරයේ රැස්වීමක් පැවැත්වූහ.
පුත්තලම නගරාධිපති කේ. ඒ. බායිස් මහතා සහ පුත්තලම ප්රධාන මුස්ලිම් දේවස්ථාන ඇතුළු මුස්ලිම් දේවස්ථාන ගණනාවක මුස්ලිම් ජාතිකයින් මේ සඳහා එක්ව තිබිණි.
අද (17) දහවල් ජුම්මා දේව මෙහෙයෙන් පසුව පාගමනින් කලපු තීරයට පැමිණ මුස්ලිම් ජාතිකයෝ පැය දෙකකට ආසන්න කාලයක් දැවැන්ත රැස්වීමක් පවත්වා අයි එස් ත්රස්තයින්ට දැඩි ලෙස විරෝධය පෑහ.