Colombo Today Local News

පාසල්වලට දරුවන් එවීම ගැන විශේෂ දැනුම්දීමක්

දිවයිනේ සියලූම පාසල්වල අධ්‍යයන කටයුතු අද (08)දින සිට සාමාන්‍ය පරිදි ආරම්භ වුණා.

කොරෝනා වසංගතය හමුවේ මීට පෙර පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරුණේ අදියර කිහිපයක් යටතේයි. ඒ අනුව අද සිට සාමාන්‍ය පරිදි ආරම්භ වන පාසල්වල අධ්‍යයන කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව සිදුකෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.

සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් පාසල් පරිශ‍්‍ර තුළ නිරන්තර පරීක්ෂාවන් සිදුකරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළා.

දරුවන් උණ, සෙම්ප‍්‍රතිශ්‍යාව, කැස්ස වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, ඔවුන් පාසැල් වෙත යොමු කිරීමෙන් වළකින ලෙස ද මෙහිදී මවුපියන්ගෙන් ඉල්ලීමක් කෙරුණා.

Related posts

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1481ක් අත්අඩංගුවේ

colombotoday

මඩ පුවත් පලකර ඒවා ඉවත් කරන්න “ලංකා ඊ නිව්ස්“ කප්පම් ඉල්ලයි – වෛද්‍ය පාදෙනිය විශේෂ මාධ්‍ය සාකච්ඡාවක

colombotoday

කොටි සිරකරුවන් වෙනුවෙන් විපක්ෂ නායක සම්බන්ධන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනේ !

colombotoday

මේ කැබිනට් ඇමතිකම බල්ලෙක්ගේ රෝම කූපයක් තරම්වත් වටින්නේ නෑ

colombotoday

බස් රථ හිමියන් මගීන්ගේ මුදල් කොල්ල කයි

colombotoday

ඉන්දියාව මාව ඝාතනය කරන්න හදනවා – ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

colombotoday