Uncategorized

“පවුලක දරුවන් තිදෙනෙකුට සීමා කරන්න” – බොපේ සභාවේ යෝජනාව සම්මතයි

ශ්‍රී ලංකාවේ ජනගහනය සීමා කිරීමට නීති සම්පාදනය කළ යුතු යැයි බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් විසින් බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභා රැස්වීමට ඉදිරිපත් කර තිබූ යෝජනාව එහි මන්ත්‍රීවරුන් විසින් ඒකමතිකව සම්මත කරන ලදී.

මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේගාල්ල කුඹල්වැල්ල විජයාරාමය සහ හපුගල සුධර්මාරාමය යන උභය විහාරාධිපති ගාල්ල උප ප්‍රධාන සංඝනායක වීරපානේ හේමාරාම හිමියන් ඇතුළු සභා බල ප්‍රදේශයේ විහාරස්ථාන වල විහාරාධිපති ස්වාමීන්වහන්සේලා දාහතර නමක විසිනි. යෝජනාව ඊයේ (21) පැවති බෝපෙ පෝද්දල මාසික සභා රැස්වීමේ දී සම්මත කෙරිණි.

එම යෝජනාව ඉදිරිපත් කරමින් භික්ෂූන් වහන්සේලා කියා තිබුණේ මේ වනවිට ශ්‍රී ලංකාවේ ජනගහනය භූමි ප්‍රමාණයට ඔරොත්තු නොදෙන තරම් වර්ධනය වන බැවින් සෑම ජනවර්ගයකටම අදාළව ජනගහනය සීමා කිරීමට නීති පැනවිය යුතු බවයි.

එක් පුරුෂයෙකුට හා ගැහැණියකට දරුවන් තිදෙනකුට පමණක් මාතෘත්වය හා පීතෘත්වය සැපයිය හැකිවනසේ නීති සම්පානය කළ යුතු බවද එහි සඳහන්ව තිබිණි. මානව හා ආර්ථික විද්‍යාඥයින්ගේ පිළිගැනීම මත ලෝකයේ බොහෝ රටවල් මෙවැනි තීරණ වලට එළඹ ඇති බවද යෝජනාවේ සඳහන් විය.

එම යෝජනාව කාලීන අවශ්‍යතාවයක් ලෙස සලකා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සම්මත කර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත යොමු කරන ලෙස දස්වමීන් වහන්සේලා විසින් ඉල්ලා තිබිණි.

සිරංගිකා ලොකුකරවිට – ada.lk

Related posts

ගෝඨා අත්අඩංගුවට? ඇවන්ගාඩ් සේනාධිපති රජයේ සාක්කිකරු?

colombotoday

2018 රජයේ නිවාඩු ගැසට්පත්‍රය පිටවෙයි.. ‘වෙසක් පොහොය‘ වෙසක් මාසයෙන් අතුරුදන් !

colombotoday

ෆාම් ලංකා කව් මිල්ක් නිෂ්පාදනාගාරය කල් ඉකුත් වූ එළකිරි ලේබල් වෙනස් කර නැවත වෙළෙඳපළට යවලා

colombotoday

ආණ්ඩුවට තව ගහන්න ඉතිරිවෙලා තියන්නේ මළබද්දයි, මිනී පෙට්ටි බද්දයි විතරයි

colombotoday

ඇමරිකාවෙන් ඩොලර් මිලියන 2.5 ක හදිසි ආධාරයක්

colombotoday

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

colombotoday