Covid 19World

පකිස්ථානයේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව චීනය අභිබවා යයි.

කොවිඩ්-19 හෙවත් නව කොරෝන වෛරසය ව්‍යාප්තියේදී මුලින්ම ආසාදිත ලැයිස්තුවේ පෙරමුණේ සිටි චීනය මේ වනවිට වෛරසය පාලනය කරමින් එම ලැයිස්තුවේ විශාල ලෙස පහළට ගොස් තිබේ.

ඒ අනුව චීනය පසු කරමින් මේ වනවිට ඉදිරියට පැමිණ ඇත්තේ දකුණු ආසියාතික රාජ්‍යයක් වන පාකිස්තානයයි. මීට පෙර ඉන්දියාව දකුණු ආසියාවෙන් චීනය පසුකර මුලින්ම ඉදිරියට පැමිණියේය.

ඒ අනුව පාකිස්තානය වැඩිම ආසාදිතයන් වාර්තා වන ලැයිස්තුවේ 17 වැනි ස්ථානයට පත්ව ඇති අතර චීනය එහි 18 වැනි තැනට පත් කරමිනි.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව පාකිස්තානයෙන් අද (04දා) දහවල් වනවිට ආසාදිතයන් 85,264ක් වාර්තා වන අතර, ආසාදිත මරණ සංඛ්‍යාව 1,770කි. වෛරසය ආසාදිතව සුවය ලැබූවන් 30,128කි.

කෙසේ වෙතත් වෛරසය පාලනය කර ඇති චීනයෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 84,160කි. එරට සමස්ත මරණ සංඛ්‍යාව 4,638ක් වූ අතර, සුවය ලැබූවන් 79,404කි.

මැයි මස මුලදී පාකිස්තානය සිය ලොක්ඩවුන් සීමා ලිහිල් කිරීම ආරම්භ කළ අතර, ඒ සමග ආසාදිතයන් වාර්තා වීමද ඉහළ යමින් තිබේ.

Related posts

බෙංගාලයේ බිහිසුණු දුම්රිය අනතුර

colombotoday

ට්‍රම්ප්, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බාරගනී

colombotoday

සුන්නි ඉස්ලාමීය අල් අස්-හර් ෆත්වා වක් මගින් Muslim Brotherhood තහනම් කරයි.

colombotoday

65% මුස්ලිම් අය සිටින බෲනායි රටේ නත්තල් සැමරුවොත් කස පහර

colombotoday

ග්‍රැමි සම්මානලාභී ජනප්‍රිය අමෙරිකානු ගායිකා ටීනා ටනර් දිවියට සමුදෙයි

Admin

බංග්ලාදේශ ඉස්ලාම් ත්‍රස්තයෝ බෞද්ධ හිමිනනමක් අමානුෂික ලෙස ඝාතනය කරයි

colombotoday