World

පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාබ් ෂරීෆ්ගේ නිවසට ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන්ගෙන් ප්‍රහාරයක්

පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාබ් ෂරීෆ්ගේ නිවසට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

අත්අඩංගුවට ගැණුනු පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පකිස්ථාන තෙහෙරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ 500 කට අධික පිරිසක් අග්‍රාමාත්‍යවරයාගේ නිවස පිහිටි ලාහෝර් නගරයට කඩා වැදී වාහන කිහිපයකට ගිනි තබා ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වේ.

පංජාබ් පොලීසිය සඳහන් කරන්නේ, විරෝධතාකරුවන් අග්‍රාමාත්‍ය ෂෙබාබ් ෂරීෆ්ගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර කිහිපයක් ද එල්ල කර ඇති බවයි.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට පත්වීමත් සමග ඔහුගේ ආධාරකරුවන් රට පුරා දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ කළහ.

මේ වනවිට විරෝධතාකරුවන් 1000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර විරෝධතා අතරතුරු පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් වේ.

Related posts

හමාස් – ඊශ්‍රායල ගැටුම් මැද ඉන්ධන මිලේ ලොකු වෙනසක්

Admin

රුසියාව සහ ඇමරිකාව සිරියාව නිසා ගැටෙයි?

colombotoday

බ්‍රිතාන්‍යයට අලුත් අගමැතිවරයෙක් තෝරා ගැනීම අද

colombotoday

ජගත් ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි

Admin

ඉන්දියාව සහල් අපනයනය නවතයි?

Admin

රුසියාව ISIS ත්‍රස්තවාදීන්ගේ ඔලුවටම පහර දෙයි. පළමු ගුවන් ප්‍රහාරයෙන් මර්මස්ථාන අටක් විනාශයි

colombotoday