Colombo Today Local News

නීතිය පාසල් පෙළ පොතට….

මෙරට පවතින නීතිය පිළිබඳ හැදෑරීම් පාසල් පද්ධතියට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය.

හය, හත හා අට ශේ්‍රණිවල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මෙරට පවතින සංක්‍රමණික නීතිය හා එය සකස් වූ ආකාරය පිළිබඳවත් නවය, දහය හා එකොළොස්වැනි ශේ්‍රණි සඳහා මෙරට අපරාධ හා සිවිල් නීතියත්, පොදු දේපළ සම්බන්ධයෙන් පවතින නීතියත් ඇතුළත් කිරීමට කටයුතු සම්පාදනය කරන බවද අමාත්‍යවරිය සඳහන් කළාය.

ඊට අමතරව මහත් උවදුරක්ව පවතින මත්ද්‍රව්‍ය ව්‍යාපාර සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නීතිමය පසුබිමද පාසල් අධ්‍යාපන පද්ධතියට ඇතුළත් කළ යුතු යැයිද අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
අමාත්‍යවරිය මේ අදහස් පළ කර සිටියේ අරලියගහ මන්දිරයේදී ඊයේ (08දා) පෙරවරුවේ පැවැති 28 වැනි ජාතික සමථ දින උත්සවයට සහභාගි වෙමිනි.

Related posts

නල්ලූර් වෙඩිල්ලෙන් මතු වූ “සැබෑ සංහිදියාවේ“, සහෝදරත්වයේ හැගුම්බර කතාව (Video)

colombotoday

කෝටි 02ක දුම්වැටි තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

කෑමට නුසුදුසු මිරිස් කන්ටේනර් 40ක් හරවා යවයි…

Admin

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තල මළුවේදී

colombotoday

ජවිපෙ හා දෙමල සන්ධානය සමග එක් වන්නේ නෑ – රවුෆ් හකීම්

colombotoday

“ජනතාවට ඇති තරම් සහන දීල තියනවා.. තවත්නම් සහන දෙන්න බෑ” – මුදල් ඇමති රවී

colombotoday