Colombo Today Local News

නිරෝධායනයට ලක් කොට සිටින පිරිසට ජන්දය දැමීමට අවස්ථාව නැහැ

නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන්ට මෙවර ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබානොදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

එහෙත් දින 14ක ස්වයං නිරෝධායනය අවසන් කළ පිරිස්වලට පස්වරු 4න් පසු තමන්ගේ ප්‍රවාහන ක්‍රමයක් භාවිත කර ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණිය හැකි බව ඒ මහතා සඳහන් කළේය.

කොවිඩ්-19 ආසාදිත තත්ත්වයෙන් සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් දින 14ක කාලයක් නිරෝධායනය වන ලෙස දන්වා ඇති පිරිස්වලටද ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී ප්‍රකාශ කළේය.

විශේෂ තත්ත්වයන් යටතේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණෙන්නන්ට අමතර කුටියක් සකස් කර ඇති අතර සෑම ඡන්ද මධ්‍යස්ථානයක්ම ආවරණය වන පරිදි සෞඛ්‍ය සේවා නිලධාරීන් යොදවා ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණ කොමිසම පැවසුවේ මැතිවරණ දිනය වන විට නිරෝධායන මධ්‍යස්ථානවල 800ක පමණ පිරිසක් රැඳී සිටින අතර ඔවුන්ගෙන් ඡන්දය හිමිව ඇත්තේ සියයට 50කට පමණ පිරිසකට වන බවය.

දින 14ක නිරෝධායනය අවසන් කළ පිරිස 1700ත් 1800ත් අතර පිරිසක් වේ.

නිවෙස්වල නිරෝධායනය සඳහා දැනට යොමු කර ඇත්තේ පොළොන්නරුව, ලංකාපුර ප්‍රදේශයේ නිවාස 190ත් 250ත් අතර පිරිසක් වන බව ද මැතිවරණ කොමිසම සදහන් කළේය.

Related posts

කාකදූපත වෙරළ තීරයේ නාදුනන මළ සිරුරක්

colombotoday

“ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුවුවහොත් ඉන්ධන බෙදීමෙන් ඉවත් වෙනවා”

colombotoday

මේ වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. ඉස්ලාම් ත්‍රස්තවාදය නිමා කරනවා – ගෝඨා රොයිටර් පුවත් සේවය කියයි

colombotoday

නීති විරෝධී වැඩකට කැබිනට් අනුමැතිය.. පස්, කළුගල්, වැලි රජයේ වනාන්තරවලින් ගන්න අවසර

colombotoday

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මැකී ගිය දත්ත යළි ලබා ගන්න, විශේෂඥ සහය

colombotoday

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතුයි- සුමන්තිරන්

colombotoday