Colombo Today Local News

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ට එරෙහි අතේ රෝල පත්තුවී රැඩිකල් මාධ්‍යකරුවන්ගේ සළුපිලි උනා වැටෙයි

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ තම දියණිය නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරමින් මෙරටට රැගෙන ආවේය යන බොරුව මේ වන විට අතේ පත්තු වී හමාරය මේ ලියන්නේ එම අතේ රෝලේ කථාව නොවේ. එම ගල් පැලෙන බොරුව නිර්මාණය කළ lankanewsweb.net වෙබ් අඩවිය ඉන්පසු කරන ලද නින්දිත ක්‍රියාව ගැනය. කටුනායක ගුවන් තොටුපළේ සීසීටීවී යන්ත්‍රද ක්‍රියාවිරහිත කරමින් ගෙනාවායැයි කියූ දියණිය මේ වන විටත් ඛෙලාරූස් රාජ්‍යයේ සිටින බවට අජිත් රෝහණ මහතා පිළිතුරක් එවා තිබූ අතර එය lankanewsweb.net වෙබ් අඩවිය විසින් පළ කරන ලදී.

තමන්ට ඇතැයි පෙන්වා සිටින මාධ්‍ය සදාචාරයේ සළු පිලි තවදුරටත් ශරීරයේ කෙසේවෙතත් අල්මාරියක හෝ තබා ගෙන සිටීමට නම් එකී පිළිතුර පළ නොකර සිටීමට නොහැකි බව වැටහීමෙන් එකී පිළිතුර පළ කර ඇති බව ඒ දෙස බලන ඕනෑම අයෙකුට පෙනී යන දෙයකි. ගැටලුව වන්නේ එය නොවේ. ඉන්පසුව lankanewsweb.net වෙබ් අඩවිය ලබා දෙන පිළිතුරයි. සංස්කාරක සටහනක් යැයි දක්වා ඇති එම පිළිතුර පහත පරිදි වේ.

“අභියෝගවලට මුහුණ දීමට අජිත් රෝහණ මහතාගේ ඇති ධෛර්යය අප මහත් සේ අගය කරන අතර මීට වඩා විශාල අභියෝගයක්, ඔහුගේ නීතීඥභාවය සහ පොලිස් පරීක්ෂක තනතුරේ සිට ඉහළට ලබාගත් උසස්වීම් ප්‍රශ්න කෙරෙන අභියෝගයක් ඉදිරියේදී එනු ඇති බැවින් ඊට සූදානම්ව සිටින ලෙසත් අපි ඒ මහතාට පවසන්නෙමු.
එසේම අපට ද දරුවන් සිටින අතර කාත් සමඟ හෝ ඇති කිසිදු ප්ර ප්‍රශ්නයකට අප දරුවන් පටළා නොගන්නා බවත් අපට එවැනි කිසිදු වුවමනාවකුත් නොමැති බවත් අපි අවධාරණය කරන්නෙමු. (දරුවන් පටළාගෙන පොලිසිය අසත්‍ය ප්‍රචාරයන් කළ සිද්ධීන්වලදී එම දරුවන්ට සිදුවූ පීඩාවන් සම්බන්ධයෙන් අජිත් රෝහණ මහතාට යම් අවබෝධයක් දැන් හෝ පැමිණ ඇත්නම් එයත් එකකි.)

වෙනෙකක් තබා අපට අජිත් රෝහණ මහතා සමඟ කිසිදු පුද්ගලික ආරෝවක් ද නොමැත. නිශ්චිත සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් නීතිමය ප්‍රශ්න පමණක් ඇති අතර ඒවා අජිත් රෝහණ වේවා වෙන මොන යම් කෙනෙකු හෝ වේවා කළත් ප්‍රශ්න කළ යුතුව ඇති බවත් අපි විශ්වාස කරන්නෙමු.”

මෙම සංස්කාරක සටහනේ කොයියම්ම හෝ තැනක අජිත් රෝහණ මහතාගේ දරුවාද ඈදා ගනිමින් කරනු ලැබූ පුවතේ සත්‍ය අසත්‍යභාවය ගැන සදහනක් හෝ නැත මේ බරපතළ පුවත අසත්‍ය නම් තමන්ගේ අතැයි පෙන්වන ව්‍යාජ රැඩිකල් මාධ්‍ය සාදාචාරය අනුව අජිත් රෝහණ මහතා වෙතින් කළ යුතු සමාව ඉල්ලීම හෝ නැත. ඒ වෙනුවට ඇත්තේ අජිත් රෝහණගේ නීතීඥභාවය හා උසස්වීම් පිළිබදව ඉදිරියේ එන අභියෝගයක් ගැන වන තර්ජනාත්මක සදහනකි. එවන් අභියෝගයක් ඇත්නම් ඉදිරිපත් කිරීම එක් දෙයකි. එවන් අභියෝගයක තිරයට මුවා වී අජිත් රෝහණගේ පුද්ගලික ජීවිතය හා පැටලෙන්නට ගොස් නිරාවරණය වූ තමන්ගේ නිරුවත වසා ගන්නට යත්න දැරීම තව එකක් බව අප පෙන්වා දීමට කැමැත්තෙමු. මෙවන් නින්දිත මධ්‍ය භාවිතයක් අජිත් රෝහණ සමග ඇති පුද්ගලික ආරෝවක ඵලයක් ලෙස මිස අන් ආකාරයකට තේරුම් ගැනීමට අපට නම් හැකියාවක් නැත.

තවද තමන්ගේ දියණියද බරපතළ අපහසුතාවට පත් කරමින් කරන ලද නින්දිත ප්‍රකාශයකට පියෙකු වශයෙන් ආවේගශීලී වීමට ඕනෑතරම් අවස්ථා තිබියදී අජිත් රෝහණ මහතා විසින් එවා ඇති සංයමයෙන් යුක්ත ප්‍රකාශයෙන්ම lankanewsweb.net වෙබ් අඩවිය ඇතුළු රැඩිකල් මාධ්‍යකරුවන්ට ඉගෙන ගැනීමට බොහෝ පාඩම් ඇති බව Colombo Today අපේ හැගීමයි

Related posts

සජිත්, නවීන්, ඉන්දික අනූ නවයෙන් බේරෙයි.. හෙලිකොප්ටරය එළවලු කොටුවේ !

colombotoday

රාජ්‍ය ත්‍රස්තවාදය දැන් ක්‍රියාත්මකයි.. ඥාණසාර හිමි දුටුතැන අල්ලන්න ඉහළම තැනින් නියෝගය දෙයි

colombotoday

සමෘද්ධි වැඩපිළිවළ යළි සමාලෝචනය ලබන 01 වැනි දා ආරම්භ කෙරේ.

colombotoday

කළුතර සුසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

Admin

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ කිහිපයක මිල අඩු වෙයි

Admin

අමල් පෙරේරා බේරා ගැනීමට උදුල් ප්‍රේමරත්න ඉදිරිපත් වෙයි

colombotoday