Colombo Today Local News

නිදහස් කරන්න අවශ්‍ය කටයුතු රජය කරනවා.. තව ටිකක් ඉවසන්න – සුමන්තිරන් කොටි සැකකරුවන්ට කියයි


අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටින කොටි සැකකරුවන් නිදහස් කිරීම සදහා රජය පියවරෙන් පියවර කටයුතු කරන බවත්, එනිසා තවත් සුළු කාලයක් ඉවසාගෙන සිටින ලෙසත් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කළේ උපවාසයේ නිරතව සිටින කොටි සැකකරුවන්ගේ සුවදුක් විමසීමට අනුරාධපුර බන්ධනාගාරයට ගිය අවස්ථාවේදීය.

අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටින අතරතුර (17) සිව්වැනි දිනටත් ආහාර වර්ජනයක නිරතව සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් අට දෙනාගෙන් එක් අයෙකු 16 සවස වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කොට යැවීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු යොදා තිබේ.

සිවසුබ්‍රමනියම් තිල්ලෙයිරාජා නැමති මෙම එල්.ටී.ටී.ඊ.සැකකරු දැනට අවුරුදු අටක පමණ කාලයක් අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටින අතර ඔහු දරුණු ලෙස දියවැඩියා රෝගයට ගොදුරු වී සිටින නිසා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කොට යවා තිබේ.

Related posts

LTTE අපරාධ සංවිධානයක් නොවන බවට ස්විස්ටර්ලන්ත අධිකරණයෙන් තීන්දුවක් !

colombotoday

ඉන්දියාවේ සමලිංගිකයින්ට මංගල සුභපතයි

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි !

colombotoday

Breaking : පාන්දර 5ට ඇඳිරිනීතිය ඉවත් කෙරෙන ප්‍රදේශ මෙන්න

colombotoday

මන්ත්‍රීවරියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලන හැටි ඇමැති රංගේබණ්ඩාර හෙළිකරයි

colombotoday

TNA, ජවිපෙ සමග එජාප ජාතික ආණ්ඩුවක්…

colombotoday