Colombo Today Local News

නි.පොලිස්පති අජිත් රෝහණගේ නම භාවිතා කර කප්පම් ගත් පුද්ගලයන් සොයා විමර්ශන ඇරඹෙයි

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ නම භාවිතා කරමින් දමිළ ව්‍යාපාරිකයන් හට නිර්නාමික දුරකථන ඇමතුම් ලබාදෙමින් ඊෂි කෑෂ් මගින් කප්පම් ගත් පුද්ගලයින් සොයා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය විමර්ශන ආරම්භ කොට තිබේ.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සමග සමීප සම්බන්ධතා පැවැත් වූ බවට චෝදනා නගමින් ඒවා යටපත් කිරීමට නම් මුදල් ලබාදෙන ලෙස පවසමින් මෙම තර්ජන සිදුකර ඇති බව විමර්ශන වලදී හෙලිවී තිබේ.

බස්නාහිර උතුර බාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගේ නියෝගයෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත දහනක විසින් විමර්ශන සිදු කරයි.

Related posts

විශ්වාසභංගය අස්සේ හිටපු ඇමති රෝහිතගේ අල්ලස් නඩුවට වෙච්ච දේ…

colombotoday

21 වන දා කොළඹ ප්‍රදේශ රැසකට පැය 9ක ජල කප්පාදුවක්

Admin

කොන්ද පණ ඇතිව තීරණයක් ගනු, අන්තවාදීන් පන්නනු ! කලාකරුවෝ ඇතුළු මහ පිරිසක් ජනපති නිවස ඉදිරිපිට උද්ඝෝෂණයේ…

colombotoday

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක් දෙන්න ලෝක බැංකුවේ අනුමැතිය

Admin

පරදින එක ඉර හඳ වගේ විශ්වාසයි

colombotoday

උඩවත්ත කැළේ රක්ෂිතයත් විකුණන් කන්න පිඔුරුපත් සැකසේ

colombotoday