Colombo Today Local News

නැගෙනහිර පළාතේ සියලූම පුරාවිද්‍යා උරුමයන් සංරක්ෂණයට පියවර

නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත ආගමික වෙනස්කම් නොසලකා නැගෙනහිර පළාතේ සියලූම පුරාවිද්‍යා උරුමයන් සංරක්ෂණය කිරීමේ කාර්යය පැවරී ඇති බව ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පවසයි.

නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සමාරම්භක රැස්වීම අද (10)දින ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ජාතිය, ආගම හා වෙනත් වෙනස්කම් නොසළකා නැගෙනහිර පළාතේ ඇති ඓතිහාසික උරුමයන් අනාගත පරපුර සඳහා ආරක්ෂා කර ගැනීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත සහාය දෙන ලෙසද ආරක්ෂක ලේකම්වරයා සියලු ශ්‍රී ලාංකීකයනිගෙන් ඉල්ලා සිටියේය.

එම ඓතිහාසික පුරාවිද්‍යා ස්ථාන යථා තත්ත්වයට පත් කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා නැගෙනහිර පළාතේ සියලූම ජනවාර්ගික කණ්ඩායම් සමඟ ජනාධිපති කාර්ය සාධක බලකාය සමීපව කටයුතු කරන බව ද ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

Related posts

ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහයෝගය

colombotoday

විශ්වවිද්‍යාල සිසුන්ට පහරදුන් සිව්දෙනෙක් සීඅයිඩී අත්අඩංගුවට

Admin

දෙදරු පියා ගිනි තියාගෙන ත්‍රිරෝද රථයටත් ගිනි තියලා

Admin

පැය 24කදී නිරෝධායන නීති කැඩූ 25ක් අත්අඩංගුවේ

colombotoday

ජනපතිගේ වැඩ ගැන කියමින් අගමැතිගෙන් නිවේදනයක්

colombotoday

“සුරක්ෂා” සිසු රක්ෂණය දුන් Allianz Insurance සමාගම කෝටි 30ක් නොදී කට්ටි පනී.

colombotoday